පොලිසියෙන් වෙඩි තැබීමක්
කොඩිකාමම් දෙස සිට පේදුරු තුඩුව දෙසට වැලි ටිපර් රථයකින් ගංජා ප්‍රවාහනය කරන බවට පේදුරු තුඩුව පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව 2025.03.02 වන අද දින උදෑසන කාලයේ පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පේදුරු තුඩුව පොලිස් වසමේ කැටේ හන්දිය ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා සැකකටයුතු ටිපර් රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සංඥා කර ඇත.
එහිදී එම ටිපර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පලා යමින් සිටි මෙම ටිපර් රථය ලුහු බැඳ ගොස් වැල්වැටිතුර පොලිස් වසමේදී ටිපර් රථයට වෙඩි තබා නවතා ගෙන ඇත.
එම අවස්ථාවේ ටිපර් රථයේ රියදුරු සහ රිය සහයකයා ටිපර් රථය අතහැර දමා කළු පැහැති මලු කිහිපයක් ද රැගෙන පලා ගොස් ඇත.
ටිපර් රථය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සිටි ඉදිරිපස කොටසේ ගංජා විසිරී තිබෙන බවට නිරීක්ෂණය වී ඇති අතර වැලි ටිපර් රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අනතුරුව පේදුරුතුඩුව මන්දිගායි රෝහලට වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇතුලත් කර ඇති බවට ලද පණිවිඩයක් මත සිදු කළ සොයා බැලීමේදී එම පුද්ගලයා ඉහත ටිපර් රථයේ රිය සහයක වශයෙන් සිට පලා ගිය පුද්ගලයා බවට අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට පොලිස් භාරයේ මන්දිගායි රෝහලේ ප්‍රතිකාර ලබයි අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19 ක් වන ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මෙම වැලි ප්‍රවාහනය කර ඇති බවටද දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පේදුරුතුඩුව පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
