ඉදිරියේදි මෙරට ආර්ථිකය තවත් වැටෙයිද..? හේතුව මෙන්න..

srilanka Economy Ukraine russia
By Sithumi Apr 17, 2022 02:33 PM GMT
Sithumi

Sithumi

Report

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද තත්ත්වය හේතුවෙන් මතු වී ඇති ගෝලීය අවිනිශ්චිතභාවය හමුවේ මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

යුක්රේන යුද්ධය සමග ගෝලීය අවිනිශ්චිතා දර්ශකය ඉහළ ගොස් ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ. එම දර්ශකය සකස් කර ඇත්තේ ලොව පුරා රටවල් 143ක් නියෝජනය වන පරිදි කාර්තුමය වශයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන්. 

 එහිදී නිෂ්පාදන ඵලදායීතාව කැපී පෙනෙන ලෙස පහත වැටීමක් අපේක්ෂා කළ හැකියි. කොරෝනා වසංගතය හමුවේ ගෝලීය සැපයුම් දාමය අඩාල වී තිබියදී මෙලෙස නිෂ්පාදනය පහත වැටීම ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර තත්ත්වයක් බවයි මූල්‍ය අරමුදල සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now