ඉතා දරුණු ප්‍රහාර අද දින එල්ල කරනවා - ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම හරහා අලුත්ම ප්‍රකාශයක් නිකුත් කරමින්, ඉරානයට එරෙහිව අද දින "ඉතා දරුණු ප්‍රහාර" එල්ල කරන බවට තර්ජනය කර ඇත.

තම ප්‍රකාශයේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඉරානය තම මැද පෙරදිග අසල්වැසි රටවල් හමුවේ "යටත් වී" සමාව අයැද ඇති බවත්, තවදුරටත් එම රටවලට ප්‍රහාර එල්ල නොකරන බවට පොරොන්දු වී ඇති බවයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද නොකඩවා වූ ප්‍රහාර හමුවේ ඉරානය මෙම තීරණයට එළඹි බව ට්‍රම්ප් පවසයි.

බෝම්බ සද්දෙට බයේ මම පන්ති කාමරයට දිව්වා මට සිහිය එද්දී මගේ පිට උඩ ලොකු ගලක් මට මගේ පවුලේ අයත් නැතිවුණා

බෝම්බ සද්දෙට බයේ මම පන්ති කාමරයට දිව්වා මට සිහිය එද්දී මගේ පිට උඩ ලොකු ගලක් මට මගේ පවුලේ අයත් නැතිවුණා

කෙසේ වෙතත්, මීට පෙර නිකුත් වූ වාර්තා අනුව, ඉරාන නායක පෙසෙෂ්කියන් වීඩියෝ පණිවිඩයක් මගින් ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහිව අදාළ රටවලින් ප්‍රහාර එල්ල නොවන තාක් කල්, අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය තීරණය කර ඇති බවයි.

කෙසේ වුවද, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා ඇත්තේ, ඉරානයට එල්ල වන ප්‍රහාර දිගටම පැවතුනහොත් ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා කඳවුරු සහ ඔවුන්ගේ අභිලාෂයන් "ප්‍රධාන ඉලක්ක" ලෙස සලකන බවයි. මෙම තත්ත්වය මධ්‍යයේ, අද දින තවත් ප්‍රහාර මාලාවක් දියත් කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

"ඉරානයේ අයහපත් හැසිරීම හේතුවෙන්, මීට පෙර ඉලක්ක කිරීමට පවා නොසිතූ ප්‍රදේශ සහ කණ්ඩායම් මේ වන විට අපගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ තර්ජනයට ලක්ව තිබෙනවා" යැයි ඔහු සිය සමාජ මාධ්‍ය පණිවිඩයේ වැඩිදුරටත් සටහන් කර ඇත"

ඔහුගේ සටහන පහතින්,