විසා ගාස්තු හා දඩ මුදල් වෙනස් වන්නේ මේ අයුරින් ....

srilanka visa gayan milinda
By Nimal Aug 28, 2021 11:33 AM GMT
Nimal

Nimal

Report

නව ආගාමික හා විගාමික රෙගුලාසි අනුව අංක 2241/37 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින්මේ  මස 18 වන දින සිට   වීසා ගාස්තු හා දඩ මුදල් පහත පරිදි සංශෝධනය කර ඇති බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පවසයි.

අතිවාසය සඳහා දඩ මුදල් • ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500 ක් අය කරනු ලබයි. 13 නියෝගය අනුව නව වීසා ගාස්තු වීසා වර්ගය ගාස්තුව ඇමරිකා එක්සත් ජනපද ‍ඩොලර් (US $) (වසරකට හෝ ඉන් කොටසකට)

1 වාස වීසා (i) ආයෝජකයන් සඳහා (ii) සේවා නියුක්තිකයන් සඳහා (iii) ශිෂ්‍යයන් සඳහා (iv) වෛද්‍ය ප්‍රතිකාර ලබන තැනැත්තන් සඳහා (v) රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන්නන් (vi) ආගමික කටයුතුවල යෙදෙන්නන් සඳහා (vii) ඉහත තැනැත්තෙකුගේ කලත්‍රයා සඳහා

(viii) ඉහත තැනැත්තෙකුගේ යැපෙන දරුවන්ගෙන් අයකුට 200 2 වාස වීසා (i) පුරවැසි පනතේ 19, 20 හෝ 21 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අවසන් වූ යම් තැනැත්තෙකුට (ii) ඉහත තැනැත්තෙකුගේ කලත්‍රයා සඳහා (iii) ඉහත තැනැත්තෙකුගේ යැපෙන දරුවන්ගෙන් අයකුට 100

3 වාස වීසා (i) 1976 අංක 14 දරන ඉන්දු - ලංකා ගිවිසුම (ක්‍රියාත්මක කිරීමේ) පනතේ 13 වන වගන්තිය යටතේ ලියාපදිංචි තැනැත්තෙකු සඳහා (ii) ඉහත තැනැත්තෙකුගේ කලත්‍රයා සඳහා (iii) ඉහත තැනැත්තෙකුගේ යැපෙන දරුවන්ගෙන් අයකුට 100

4 වාස වීසා පූජ්‍ය පක්ෂයේ අයකු සදහා නිදහස්

5 වාස වීසා (i) ශ්‍රී ලාංකික පුරවැසියකු හා විවාහ වූ විදේශීය කලත්‍රයාට (ii) ශ්‍රී ලාංකික නොවන කලත්‍රයාගේ යැපෙන දරුවන්ගෙන් අයකුට නිදහස් 6 වාස වීසා මියගිය ශ්‍රී ලාංකිකයකුගේ නැවත විවාහ නොවූ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයාට (සේවා නියුක්ති අවසරය සමඟ) 100

7 වාස වීසා ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ වසර දහයකට නොඅඩු කාලයක් ශ්‍රී ලංකාවේ අඛණ්ඩව ජීවත් වන ශ්‍රී ලාංකික නොවන කලත්‍රයාට (සේවා නියුක්ති අවසරය සමඟ) 100 8 වාස වීසා ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ අවුරුදු දහඅටට අඩු දරුවන් සහිත ශ්‍රී ලාංකීය නොවන කලත්‍රයාට (සේවා නියුක්ති අවසරය සමඟ) 100

පැමිණීමේ වීසා සංචාරක කාර්යය ( Visit – Tourist) මාර්ගගත පැමිණි පසු දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) රටවල් සඳහා (විද්‍යුත් සංචරණ අනුමැතිය - ETA) (පළමු දින 30 සඳහා)

20 25 දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයට (SAARC) අයත් නොවන වෙනත් රටවල් (විද්‍යුත් සංචරණ අනුමැතිය - ETA) (පළමු දින 30 සඳහා)

35 40 පහත නම් කළ රටක් සඳහා මාර්ගගත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ඔස්ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය. පෝලන්තය, ඉතාලිය, පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, ස්විඩනය, හංගේරියාව, එක්සත් රාජධානිය, ඕස්ටේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ස්ව්ස්ටර්ලන්තය, නොර්වේ, පෘතුගාලය, ස්ලෝවේනියාව, එස්තෝනියාව, මොරිෂස්, අයර්ලන්තය සහ කියුබාව (දින 30 සිට දින 90 දක්වා) 100

100 ඇමරිකා එක්සත් ජනපදය සඳහා (දින 90 පසු දින 180 දක්වා) - නිදහස් සිංගප්පූරුව, මාලදිවයින, සීෂෙල්ස් සහ චෙක් සමූහාණ්ඩුව සඳහා (දින 30 සිට දින 90 දක්වා) - නිදහස් ඉහත නම් කළ රටක්, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මාලදිවයින, සීෂෙල්ස් සහ චෙක් සමූහාණ්ඩුව හැර වෙනත් යම් රටක් සඳහා (දින 30 සිට දින 90 දක්වා)

- 60 ඇමරිකා එක්සත් ජනපදය හැර වෙනත් යම් රටක් සඳහා (දින 90 සිට දින 180 දක්වා) - 150 ඕනෑම රටක් සඳහා (දින 180 සිට දින 270 දක්වා) - 200 ව්‍යාපාරික කාර්යය ( Visit – Business) මාර්ගගත පැමිණි පසු දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) අයත් රටවල් සඳහා (විද්‍යුත් සංචරණ අනුමැතිය - ETA) (පළමු දින 30 සඳහා) 30 40 දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) අයත් නොවන රටක් සඳහා (විද්‍යුත් සංචරණ අනුමැතිය - ETA) (පළමු දින 30 සඳහා)

40 50 ඇමරිකා එක්සත් ජනපදය සඳහා (දින 30 සිට දින 180 දක්වා) ව්‍යාපාරික කාර්යය සඳහා වන වීසා දීර්ඝ කල හැක්කේ ප්‍රධාන කාර්යාලයෙන් පමණි. 100 ඇමරිකා එක්සත් ජනපදය හැර වෙනත් යම් රටක් සඳහා (දින 30 සිට දින 90 දක්වා) ව්‍යාපාරික කාර්යය සඳහා වන වීසා දීර්ඝ කල හැක්කේ ප්‍රධාන කාර්යාලයෙන් පමණි. 100 ඇමරිකා එක්සත් ජනපදය හැර වෙනත් යම් රටක් සඳහා (දින 90 පසු සහ 180 දක්වා) ව්‍යාපාරික කාර්යය සඳහා වන වීසා දීර්ඝ කල හැක්කේ ප්‍රධාන කාර්යාලයෙන් පමණි. 200 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ https://eservices.immigration.gov.lk/vs දරන වෙබ් අඩවියට පිවිස දින 30 ට පසු සංචාරක වීසා දීර්ඝ කිරීමට හැක.

මාර්ගස්ථ වීසා සියලු රටවල් සඳහා නිදහස් සම්පුර්ණ තොරතුරු පරිශීලනය සඳහා පහත දිගුව මගින් 2241/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය භාගත කර ගන්න. http://documents.gov.lk/files/egz/2021/8/2241-37_S.pdf   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now


ReeCha