බිරිඳගේ දත් දෙකක් බඩට යවනවායි කී සැමියා දත් හතරක් බඩට යවාගෙන ගෙදර ඇවිත්
මතට ලොල්වූ පුද්ගලයෙකු පසුගියදා ප්‍රාදේශීය දේශපාලනඥයෙකු සමඟ තම නායකයා හමුවීමට යාමට සූදානම් වන විට තම බිරිඳ එයට දැඩි විරෝධය පෑ අවස්ථාවේ දබර වී බිරිඳගේ දත් දෙකක් කඩන බව පවසා නිවසින් පිටව ගොස් තමාගේ දත් හතරක් අහිමි කරගෙන ආපස නිවසට ආ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය. ඔහු එක්තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ හිතවතෙකු වූ අතර ඔහු කියන ඕනෑම දෙයක් එක පයින් ඉටු කිරීමට දෙවරක් සිතුවේ නැත. ඊට හේතුව වැඩේ හමාර වූ වහා මත්වතුර හා සන්තෝසම් ලැබෙන බැවිනි. කෙසේ වුවත් මෙම දේශපාලනඥයා නිසා මොහු මීට පෙරද අමාරුවේ වැටුණු අවස්ථා බොහෝය.
මෙම දේශපාලනඥයා ඔහුට අගනුවර රැස්වීමකට යාමට කතා කළේ දහසින් බැඳි පියලි දෙන බව පවසමිනි. උද්දාමයට පත් ඔහු නිවසට පැමිණියේ සූදානම් වී ඉක්මනින් බසය බලා පිටත්වීමටය. සැමියා පිළිබඳව මෙන්ම දේශපාලනඥයා පිළිබඳවද හොඳින් දන්නා බිරිඳ එයට තදින්ම විරුද්ධ වූ බැවින් එය මහා කලබැගෑනියක් බවට පත් වූ අතර අසල්වැසියන් පැමිණ සිද්ධිය සමථයකට පත් කළත් ඔහු යක්ෂාවේෂ වූවෙකු මෙන් නිවසින් පිට වූයේ පැමිණි වහා බිරිඳගේ දත් දෙකක් බඩට යවන බව පවසමිනි.
කෙසේ වුවත් එහිදී සිදුවූ අවාසනාවන්ත තත්වය හමුවේ ගාලු මුවදොරට ගිය මෙම පුද්ගලයාට සිදුවූයේ තමාගේ දත් හතරක් අහිමිකරගෙන බේරේ වැවෙන් නා බඩ පුරා දියවන්නා ජලය බී දින දෙකකට පසු නිවසට පැමිණීමටයි.
ඔහු නොපැමිණීම ගැන මහත් බියෙන් පසුවූ බිරිඳ ඔහු නිවසට පැමිණි පසු ඉතා කාරුණිකව රහසේම නිවෙස තුළට ගෙන ගොඩ වෙදකම් කර තරමක් සුව වන විට දැක ගන්නට ලැබුණේ ඔහුගේ දත් හතරක් අහිමි වී ඇති බවයි.
පසුව ඒ බව තම සහෝදරයාට පවසා තිබුණේ මේ බව කිසිවකුට නොපවසන ලෙස ඉල්ලමිනි. කෙසේ හෝ පසුව අසල්වැසියන් සිද්ධිය පිළිබඳ දැනගෙන “50%ක් වැඩිපුරත් ලැබිලා” යැයි පවසා රස විඳින්නේ මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපය ගැන දන්නා නිසාවෙනි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |