දිවයින පුරා ලේ දන් දීමේ කඳවුරු 12 ක්....
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි,, රුධිර හිගය පියවීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ලේ දන් දීමේ කඳවුරු 12ක් සාර්ථකව සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සමත් විය.
මෙම ලේ දන්දීමේ වැඩ සටහන මහජන උපයෝගිතා කොමිසන් සභාව , දිස්ත්‍රික් විදුලි කාර්මික සංවිධාන සමග එක්වමින් කටයුතු කරන අතර මේ වනවිට ලේ දන්දිමේ කදවුරු 5ක් නිමා කර ඇති අතර ඉතිරි කදවුරු මේ මස තුලදී පැවත්වීමට පියවර ගෙන ඇත.
කඩිනමින් රුධිරය අවශ්‍යව තිබු කුරුණෑගල , පුත්තලම, අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්ක තුල, පලමු ලේ ද න් දීමේ කඳවුරු 05 පැවත්වු වු අතර ඒ සඳහා රුධිර දායකයින් 800කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි විය. මෙම කඳවුරු 05 දී ඒ ඒ දිස්ත්‍රික්ක වල රුධිර පාරවිලන මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය අනුව රුධිර පයින්ට් 500කට ආසන්න ප්‍රමාණයක් දායක කිරීමට පියවර ගැනිණි.
ජාතික රුධිර පාරවීලන මධ්‍යස්ථානයෙහි ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒ ඒ දිස්ත්‍රික්ක වල විදුලි කාර්මික සංවිධාන සහ අනෙකුත් ප්‍රජා සංවිධානවල ද සහාය ඇතිව සංවිධානය කරන මෙම ලේ දන් දීමේ වැඩසටහන් සඳහා රුධිර දායකයින් ලියාපදිංචි කිරීම, ඔවුන්ට වේලාව ලබාදීම සහ සංචරණ සීමා කාලයෙහි ගමන් කිරීම සඳහා අවසර ලබා දීම ඔන්ලයින් ක්‍රමයට සිදු කෙරේ.
මෙම කඩිනම් ලේ දන්දීමේ කදවුරු පිළිබද අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති, ජනක රත්නායක මහතා,
“ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය කඩිනමින් රුධිරය ලබාගැනීමට අපගේ සහයෝගය ඉල්ලා සිටියේ මැයි මාසය අගදී. ඒ අනුව අප කොමිෂන් සභාව මේ පවතින රුධිර හිගයට විසදුම් වශයෙන් රටේ විවිධ ප්‍රදේශවල අපි පිහිටුවා ඇති විදුලි කාර්මික සංවිධාන වල සහය ඇතිව, මෙම රුධිරය ලබා දීමේ කදවුරු කඩිනමින් සංවිධානය කරා.
දින 10කටත් අඩු කාලයකදී මුල් කඳවුරු 05 සංවිධානය කලේ රුධිර හිගය වැඩියෙන්ම පැවති දිස්ත්‍රික්කවල. ඒ ඒ දිස්ත්‍රික්ක වල රුධිර පාරවිලන මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය අනුව රුධිර පයින්ට් 500කට ආසන්න ප්‍රමාණයක් එම කදවුරු වලදී දායක කිරීමට අපට හැකිවුනා. අපගේ ඉලක්කය රුධිර පයින්ට් 2500ක ප්‍රමාණයක් කඩිනමින් ලේ බැංකුවට දායක කිරීමයි.
මේ මාසය තුලදී රත්නපුර, මහනුවර, පොලොන්නරුව, ගම්පහ, යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල රුධිර අවශ්‍යතා සැපිරීම සදහා තවත් විශේෂ ලේ දන්දීමේ කදවරු 7ක් අප සංවිධානය කර තිබෙනවා. ඉදිරියේදීත් අවශ්‍යතාවය පරිදි රුධිරය සැපයීමට කදවුරු සංවිධානය කිරීමට අපගේ සහයෝගය අප ලබා දෙනවා. රුධිරය දායක කිරීම සදහා මෙම ප්‍රදේශවල ජනතාව දක්වන විශාල උනන්දුව හා සහභාගිත්වය පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉමහත් ප්‍රසාදය හා කෘතඥතාව ද පල කරන බව කිව යුතුයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සංවිධානය කරන තවත් ලේ දන්දීමේ කදවුරු 7ක් මේ මස තුලදී පැවත්වීමට නියමිතයි. ඒ්වා මහනුවර, පොලොන්නරුව, ගම්පහ, යාපනය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල රුධිර අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා සංවිධානය කර තිබෙනවා.”