දුම්රියේ 360 කට කොරෝනා....

srilanka transprost dammika jayasundara
By Nimal Aug 19, 2021 04:27 AM GMT
Nimal

Nimal

Report

දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයින් හට කොරෝනා වයිරසය ආසාධනය වීමේන් තිදෙනකු මියගොස් තවත් 360 කු කොරෝනා වයිරසය ආසාදනවී ප්‍රතිකාර ලබන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයින් දෙදෙනකු හා රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ සේවකයෙකි . මේ වනවිට කැළණිවැලි ,ප්‍රධාන හා මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ස්ථාන 10 සේවකයින් හට කොරෝනා ආසාදනය වීම නිසා වසාදමා ඇත .

ඒ අනුව කැළණිවැලි මාර්ගයේ ගම්මාන ,ප්‍රධාන මාර්ගයේ බුළුගහගොඩ ,විල්වත්ත ,බෙම්මුල්ල ,මුහුදු බඩ මාර්ගයේ හෙට්ටිමුල්ල,ඉදුරුව,කළුතර උතුර ,එගොඩ උයන,තල්පේ හා රත්ගම යන දුම්රිය ස්ථාන මේසේ වසාදමා ඇත.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සේවකයින් කොරෝනා සමයේ දැඩි පරිශ්‍රමයක් යොදා රාජකාරියේ නිරත වෙයි. සමහරක් සේවකයින් නිවෙස් වලට නොගොසින්ම සේවා ස්ථානවල රැදි සේවය කිරීීමටද යොමු වී ඇත .

මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් දුම්රිය කාර්ය මණ්ඩලය අවධානම පසෙකලා රාජකාරි කිරීම අගය කළයුතු බවද ධම්මික ජයසුන්දර මහතා මහතා වැඩි දුරටත් පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now


ReeCha