කොළඹ ගෙදර ප්‍රතිකාර මධ්‍යස්ථානයක්....(PHOTO)
දුම්රිය සේවකයින් කොව්ඩ් ආසාදිතයින් බවට පත්වුවහොත් කොළඹ ගෙදර ප්‍රතිකාර මධ්‍යස්ථානය ක් බවට පත් කිරීමට ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා තීරණය කරයි.
එසේ තීරණය කට ලක් වුයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ කොටුව දුම්රිය ස්ථානයත්, කොටුවේ පිහිටා ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු "කොළඹ ගෙදර" නිවහන පරිශ්‍රයත් හදිසි නිරීක්ෂණයකට ලක් කිරිමෙන් පසුවය.
පසුගියදා දුම්රිය වෘර්තිකයන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් පවසා සිටියේ දුම්රිය සේවකයන් කොවිඩ් ආසාදනයකට ලක් වුවහොත් ඔවුන්ව රැකබලා ගැනීම සදහා ඔවුන්ටම වෙන්වුනු ප්‍රතිකාර මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පවතින බවයි,
එයට විසදුමක් ලෙසින් කොවිඩ් අතුරු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කොටුව දුම්රිය පරිශ්‍රයේ පිහිටි කොළඹ ගෙදර නිවහන යොදා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම අමාත්‍යවරයා විසින් සිදුකල අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයාදී හැකි ඉක්මනින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කිරීමට තීරණය කළේය.
ඒ වාගේම අනුරාධපුරයේ තවත් මෙවැනිම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමටද යෝජනා කලේය. මීට අමතරව අමාත්‍යවරයා කොටුව දුම්රිය ස්ථානය නිරීක්ෂණය කරමින් මගී ජනතාව මෙම වෛරසයෙන් ආරක්ෂා කරගැනීම සදහා අවශ්‍ය අවම සෞඛ්‍ය පහසුකම් නිසියාකාරව පවතින්නේද යන්න පිලිබදවද සොයා බලන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
