අන්තර් පලාත් නතර කළද පලාත තුළ ධාවනය එළෙසමයි.
. හෙට සිට අන්තර් පලාත් ගමනා ගමනය අගොස්තු පළමු වැනිදා තෙක් නතර කළද පලාත තුළ දුම්රිය හා බස්රථ ධාවනය සිදු කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි.
පලාත තුළ සීමිත බස්රථ ප්‍රමානයක් 15 වැනිදා සිට ධාවනය කලා .මේ බස්රථ වල බහුතරයක් සෞඛ්‍ය අමාත්‍යංශය කියු ආකාරයට පවත්වාගෙන යන්න නොහැකිවුනා.මේකයි ප්‍රධාන කාරණය. ඒනිසාමයි නැවත අපට අත්හිටුවන්න සිදු වන්නේ .නමුත් අගොස්තු පළමුවැනිදායින් පසු එය සක්‍රීය කරන්න කොවිඩ් කමිටුව අවසරය ලබාදී තිබෙන බවද රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
අධිවේගී මාර්ග වල ධාවනය කළ බස්රථ ද හෙට සිට නතර වෙනවා.ඩෙල්ටා ප්‍රභේදය කොළඹට සාපේක්ෂව එහා මෙහා යාමේදී ගමට යාමට හැකිනිසා බව ස සෞඛ්‍ය අංශ සදහන් කරනවා. අපි ඉල්ලීමක් කලා මේ වා තුළ ගමන් ගත යුත්තේ අත්‍යවශ්‍ය සේවා සදහා යන අය පමණක් බව .මේ කාරනා සෞ ඛ්‍ය අංශවලට පැහැදිලි කරලා .තදබල ලෙස ඒ අය පමණක් ගමන් කිරිමට තහවුරු කරලා අවසර ලබාගත්තා. මේ දිනවල සීමා සහිතව බස්රථ හා දුම්රිය ධාවනය කරන්න.
නමුත් ඊයේ සහ පෙරේදා දිනවල මුහුණ දිමට තිබු තත්ත්වය තමයි පොලීසියෙන් මේ බස්රථ පරික්ෂා කිරිමේදී බස්රථවල අත්‍යාවශ්‍ය සේවා සදහා යන අයට වඩා වැඩි පිරිසක් අත්‍යාවශ්‍ය නොවන ඝනයයට අයත් මගීන් වැඩි පිරිසක් මේ බස්රථවල ගමන් කිරීමට යොමු වු අයබවට වාර්තා වුනා.වැඩි පිරිසක් ගමන් ගත් ආපසු හරවා යැවීමටත් අත්අඩංගුවට ගැනීමට සිදුවු අවස්ථා උදාවුනා .මේනිසා දෙපිරිසම අපහසුතාවයට පත්වන නිසා අද කොවිඩ් කමිටුවේදී සාකච්ජා කලා .කොවිඩ් කමිටුවේ යෝජනාව වුයේ අගොස්තු පළමු වැනිදා සිට නැවත යම් බස්රථ ප්‍රමාණයක් අපට ධාවනය කරන්න අවසර දෙන්න එකගවුනා. එහිදී කැමති කෙනෙකුට යන්න පුලුවන් තත්ත්වයට පත්කරන්න සුදානම් .නමුත් බස්රථ ප්‍රමාණය පමණක් සීමා කරන්න කියා කොවිඩ් කමිටුව යෝජනා කලා .එවිට අගෝස්තු පළමුවැනිදා සිට ධාවනය පටන්ගත් පසු මාර්ග බාධක වලදී නතර කරලා පරික්ෂා කිරිමේදී මේ අය අත්‍යවශ්‍ය කාරනාවකට යනඅය නොවේ කියා හරවා යවන්නේ නැහැ. ප්‍රමාණය බස්රථ සංඛ්‍යාව සීමා කරන්න කියා උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා හෙට දිනයේ සිට සීමිතව ධාවනය කළ බස්රථ නැවතත් නතර කරන්න සිදු වෙනවා.නමුත් අගොස්තු පළමුවැනිදා සිට සීමිත බස්රථ ප්‍රමාණයක් දුම්රිය ධාවනය කරන්න අවසරය මේ වනවිටත් ලැබිී තිබෙනවා.පළමු වැනිදා සිට ධාවනය කරන්නට පමණයි.
මෙයට හේතුව පළමුවැනිදා පමණ වනවිට අවුරුදු 30 වැඩි අයගේ එන්නත් කරනය කොළඹ සියයට සියයක් අවසාන කරන්න හැකියාව ඇතැයිද පැවසුවාය. ඒ අනුව කොළඹ තිබෙන නව ප්‍රභේද ගම් වලට යාම අගොස්තු පළමුවැනිදායින් පසුව නැතිවේයැයි කිය බලාපොරොත්තුවෙනවා.නැවතත් අපට සීමිතව ධාවනය කළ දුම්රිය හා බස්රථ ප්‍රමාණය නතර කරන්න සිදුවෙනවා.ඒ නිසා යම් කෙනෙකු අපහසුතාවයට පත්වන්නේ නම් රජය හැටියටත් ඇමතිවරයා හැටියටත් කණගාටුව පළ කරන බවද පැවසුවේය. සියළු දෙනාටම මේ වසංත තත්ත්වයෙන් මිදෙන්නටත් එන්නත් කරණය කඩිනම් කර නැවත වතාවක් හැකි ඉක්කමණින් රට නැවත සම්පුර්ණයෙන් විවෘත කරන්නත් කොවිඩ් කමිටුව කියන ආකාරයටම යම්යම් ක්‍රියාමාර්ග වලට හදිසිවෙලා කඩිමුඩියේ මේවා විවෘත කලොත් නැවතත් හතරවන රැල්ලක් ඇති වුනොත් සහමුලින් රට විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වන්න පුලුවන් .
පාසල් විවෘත කිරිමත් තවදුරටත් ප්‍රමාද වන්න පුලුවන් . බස් හිමියන් හා සේවකයින් විශාල අපහසුතාවය කින් කටයුතු කරනවා.ඒ අයට අප ඉල්ලීමක් කරනවා අපට සති දෙකක්තුළ ඹබතුමන්ලාගේ සහාය අවශ්‍යයි මේ කටයුතු කිරීම සදහා. මේ සතිදෙකේ කාලය තුල තවත් බස්රථ හිමියන්ට ත් සේවකයින්ටත් යම් සහන ප්‍රමාණයක් ලබාදීමට බලාපොරොත්තුවෙනවා. මේ වනවිටත් ඒ සදහා සාකච්ජාකර යම් සහන ප්‍රමානයක් ලබාදෙන්න කටයුතු කරමින් තිබෙනවා.ඒ සතිදෙක ඇතුළත අන්තර පලාත් බස්හිමියන්ටත් බස්රථ සේවකයින්ටත් යම් සහන ප්‍රමානයක් ලබාදෙන්න කටයුතු කරන බවද දිලුම් ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
