වාහන සිහිනයට විසදුමක් ....(.PHOTO)
දේශීය ව්‍යාපාරිකයන් නගාසිටුවීමේ සංකල්පයට අනුව අද 24 දින අබේපුස්සේ පිහිටි Micro වාහන එකලස් කිරීමේ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නිරතවිය.
මන්ද මීට වසර 10 පෙර පැවති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ශ්‍රී ලංකාව තුළ වාහන එකලස් කිරීමේ ව්‍යාපරයක් Micro නමින් ආරම්භ විය.
මෙහිදී නිෂ්පාදනය වන වාහන සදහා 30% ක පමණ ප්‍රමාණයක් දේශීය අමුද්‍රව්‍ය යොදාගැනීමද විශේෂත්වයක් විය. මසකට දේශීයව වාහන 600කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරුණු අතර සේවකයින් 3000 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුතු විය.
එහෙත් යහපාලන රජය බලයට පැමිණිමත් සමගම එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින් ඉන්දියානු වාහන ගෙන්වීමේදී පනවා තිබූ බදු මුදල පහත හෙලීමත් සමගම දේශීය වාහන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර යම් පසු බෑමකට ලක්වූහ
නමුත් වර්තමාන රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දේශීය ව්‍යාපාරිකයින් නගා සිටුවීමේ සංකල්පය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් අද දිනයේ ප්‍රවාහ රාජ්‍ය ඇමතිවරයා අඹේපුස්ස මයික්‍රෝ වාහන එකලස් කිරීමේ ආයතනයේ සංචාරයක නිරතවුහ.
