අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වුව ද නිසි සැලසුමක් නොමැතිකමින් දැඩි මාර්ග තදබදයක් .. .
අත්‍යවශ්‍ය සේවා සදහා රජය ගැසට් කරලා ආයතවලට සේවකයින් කැදවුවත් පොදු ප්‍රවාහනසේවා ක්‍රියාත්මක නොවීම දැඩි මාර්ග තදබදයක් ඇතිවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.
එයට හේතුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ක්‍රියාත්මක වුවත් සියළුම ආයතනවලට රජය ගමන් පහසුකම් සලසා නොතිබීමයි.ඒ නිසා තම පෞද්ගලක වාහනවලින් සේවා ස්ථානකර පැමිනෙණවා. අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන එන ලොරි නිසා මාර්ග තදබදයකට පත්වී ඇත.එය වැලැක්වීමට ආරක්ෂක අංශ පොලීසිය විශේෂයෙන් දැඩි උත්සාංහයක් ගන්නවා . මෙයට පහසු ක්‍රමවේද කිහිපයක් තිබෙනවා.ලංකාව පුරා දුම්රිය මාර්ග නිදහස් වී තිබෙනවා.ප්‍රිමා ,තෙල් හා වැලි ප්‍රවාහනය සදහා දුම්රියයන් කිහිපයක් පමණක් ධාවනය වෙනවා.
නමුත් දුම්රිය ස්ථානාධිපති සංගමය යෝජනා කරතිබෙනවා ලංකාවේ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන 14 සදහා ඊට ආසන්න දුම්රිය ස්ථාන තිබෙනවා.ගොවීන් ගේ ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය සේවා වුනාට තම අස්වැන්න විකුණාගන්න හැකියාවක් නොමැතිව දුක් විදිනවා. රජයට හැකියාවක් තිබෙනවා කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රදේශීය ලේකම් වරු , දිස්ත්‍රික් ලේකම් වරු හරහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන දුම්රිය ස්ථානවලට ප්‍රවාහනය කරලා පැය කිහිපයක් තුළ අදාල ස්ථානවලට දුම්රිය මගින් රැගෙන යාමට පුළුවන. දුම්රිය දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ප්‍රවාහන සදහා සම්පත් තිබුන ද ඉන් ප්‍රයෝජනක් නොගනී.
එළවළු හා පලතුරු ප්‍රවාහන දුම්රිය හරහා මේ වන විට සිදු කිරීමට අවශ්‍ය වන සම්පත් අප සතුව මේ වන් විටත් ඇති අතර ඉන් නිසි ප්‍රයෝජනයක් නොගනි.රතුලුණු හිගයක් තිබෙනවා නමුත් යාපනයෙන් පටන්වන ගෙන බෙලිඅත්තට පැය කිහිපයකින් දුම්රිය මගින් ප්‍රවාහනය කර දෙන්න පුලුවන් කම තිබියදී ඇයි මේවාට ප්‍රවාහන ඇමතිවරු දෙදෙනා මේ වාට මුනිවත රකින්නේ යැයිද යන්න සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.