වැරදි කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් ....

srilanka politics indika anuruththa
By Nimal Jul 26, 2021 06:40 AM GMT
Nimal

Nimal

Report

 රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී දැරියක් මිය යාමේ සිද්ධිය රටට විශාල අපකීර්තියක් බැවින් මේ පිළිබදව පුළුල් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතු බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වු ඉන්දික අනුරුද්ධ මහතා ,ඉන්ධන මිල අඩු වැඩි වීම රජයට කෙසේ බලපෑවත් ජනතාවට සහන ලබා දීමට රජය කටයුතු කරන බැවින් ,දේශපාඥයින්ගේ පටි තද කර ජනතාවට සහන ලබා දීටම පියවර ගන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇතැයිද පැවසුවේය.වැරදි කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් .... | Srilanka Political

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්බුද්ධ සාසනයට සිය දරුවන් පූජා කළ දෙමාපියන්ට උපහාර පිණිස නිවාස ඉදිකිරීම සඳහා ආරම්භ කර ඇති “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. මෙම උත්සවය විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“මිහිඳු නිවහන” වැඩසටහන ආරම්භ කරමින් පූජ්‍ය ගංගොඩගම සුමුදිත හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් මාතර, හක්මන, නාරද්ද ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීමද අද දින සිදු කෙරිණි.  මෙම ව්‍යාපෘතිය සදහා මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 63 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිනි. 

මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි. නිවාස විෂයභාර අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින්;මිහිඳු නිවහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම අවස්ථාවට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.