තත්ත්වය දරුණුයි රට පුරාම වෛරසය පැතිරිලා මරණ 42ක් දක්වා ඉහළට - රෝගීන් 64,000 ළංවෙයි

Report

ශ්‍රී ලංකාව පුරා මේ වන විට ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

විශේෂයෙන්ම පවතින වැසි සහිත කාලගුණයත් සමඟ රෝග ව්‍යාප්තියේ දැඩි වර්ධනයක් පෙන්නුම් කරන අතර, ගත වෙමින් පවතින ජූලි මාසයේ මුල් දින කිහිපයට පමණක් රෝගීන් 8,450ක් අලුතින් හඳුනාගෙන තිබේ.

ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මදුරුවන් බෝවන පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන ක්ෂේත්‍ර මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

බන්ධ විරුවන්ගේ දේහයන්ට ගෞරව කරන්න ගිය අධිකරණ ඇමති නිලධාරීන් වැළඳ ගෙන හඬා වැලපෙයි

බන්ධ විරුවන්ගේ දේහයන්ට ගෞරව කරන්න ගිය අධිකරණ ඇමති නිලධාරීන් වැළඳ ගෙන හඬා වැලපෙයි

තමන් ජීවත්වන වටපිටාව පිරිසිදුව තබාගනිමින් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට උපරිමයෙන් දායක වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.