බන්ධනාගාරයේ සිරකරුවෝ 27ක් පෙළට දණ ගස්සලා වෙඩි තියලා මැරුවා - හමුදාව පොලිසිය යවලා කරපු දෙයක් ඒක - ඊයේ අපරාධෙත් මත්ද්‍රව්‍ය ගෝඩ් ෆාදර්ස්ලා ටික එකතු වෙලා කරාද කියලා සැකයි
අද (7) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ දිනයේදී මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳව අදහස් ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු පවසා සිටියේ,
"මේ සිද්ධිය කම්පනයක් හා සිදු නොවිය යුතු දෙයක් බවයි. බන්ධනාගාර කියන්නේ ලෝකේ පිලිගත් කැරලි වර්ගයක්. මෙහෙමයි කැරලි වර්ග දෙකක් තියෙනවා එකක් ඉඩ කඩ නැතිකම මානසික පීඩනය රස පරීක්ශක වාර්තා ප්‍රමාදය. 83 කලු ජූලියේදී කුට්ටුමනී ඇතුලු සිරකරුවන් 35ක් ඝාතනය කලා.ඊට පස්සේ 53ක් ඝාතනය කලා.ඒක පැහැදිලිවම 83 පාලනය කරපු ආණ්ඩුවේ දේශපාලනික වැඩක් හිතලම දොර ඇරලා දීලා. ඊට පස්සෙත් ලංකාවේ සිර ගෙවල් වල ගැටුම් ඇති වෙලා තියෙනවා.ගලප්පත්ති මන්ත්‍රී හිටියන්ම් කියයි රැදවුම් කදවුරු වල කොහොමද කකුල කැඩුවේ කියලා එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව කාලේ.සිරකරුවන් අතර ගැටුම් ඇතිවෙනවා එකක් අනික දේශපාලන මැදිහත්වීම්.හොදම උදාහරණය වැලිකඩ බන්ධනාගාර සිද්ධිය.
මතුපිටින් බැලුවොත් ජේ ආර් කාලේක් ගෝටාභය කාලෙත් මහින්ද කාලෙත් මෙහෙම වෙලා තියෙනවා.කුට්ටුමනී මැරුණ විදිහ හැමෝම දන්නවා ඔප්පු වෙලා තියෙනවා. බූස්සේ කොහොමද පහර දීලා අතපය කැඩුවේ.මේවා දේශපාලන මැදිහත්වීම්. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෝ 27ක් පෙළ ගස්සලා දණ ගස්සලා වෙඩි තියලා මැරුවා ඒක දේශපාලන මැදිහත්වීම් මත හමුදාව පොලිසිය යවලා කරපු දෙයක් ලෝකෙම ඒක සාකච්ඡා කලා. තේරුම් ගන්න ඕනේ අපි දැන් මේවා නිවැරදි කරන්න උත්සහ කරනවා. අපි රස පරීක්ශකවරු බදවමින් ඉන්නේ.ඒ නිසා අනුරගේ යුගයේ මෙහෙම කියන්න එපා.අනුර ජනපති මොකක්ද කලේ.අපි තව අවුරුදු 2,3, කරලත් වෙනසක් වුණේ නැත්නම් කියන්නකෝ.
මේක දේශපාලන මැදිහත්වීමකින් වුණ දෙයක් නෙමෙයි ඒක හැමෝම තේරුම් ගන්න.මේ සිදුවීමෙන් මියගිය අය ගැන විශාල සානුකම්පිත බවක් තියෙනවා.හැබැයි අපිට සැකයක් තියෙනවා.ලංකාවේ මේ වෙනකම් ලොකුම මත්ද්‍රවය පාතාලය වටලන්නේ අපේ ආණ්ඩුව.ඒ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කොට දේශපාලනයේ ඉන්න ගෝඩ් ෆාදර්ස්ලට නඩු වැටෙන කොට අපිට පේනවා ඒ ගෝඩ් ෆාදර්ස්ලා එකතු වෙලා මේක කරන්න ඇති කියලා සැකයි" ලෙසයි.