විපක්ෂයට වාසි වන කිසිදු තීරණයක් ...?

srilanka politics mahinda amarawera
By Nimal Jul 18, 2021 04:15 AM GMT
Report

උදය ගම්මන්පිළ ඇමැතිතුමාගේ ගැටළුවේදී විපක්ෂයට වාසි වන ආකාරයේ කිසිදු තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නේ නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසු අවස්ථාවේදී මෙම අදහස් පළ කළේය.

එහිදී තව දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කර නැහැ. නමුත් එකක් කියන්න කැමැතියි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් කිසිදු අවස්ථාවක ගම්මන්පිළ ඇමැතිතුමාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයේ දී විපක්ෂයට වාසිදායක වන ආකාරයේ කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ.

ඛනිජතෙල් මිල වැඩි කිරීම සම්බන්ධව ගත් තීරණය එතුමාගේ තනි තීරණයක් නොවෙයි. ඒක අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක්. එම අවස්ථාවට අගමැතිතුමා මෙන්ම ජනාධිපතිතුමාත් සහභාගි වුනා. ඒ නිසා ගම්මන්පිළ ඇමැතිතුමාට තනියෙන් ඒ වගකීම බාරදිය යුතු නැහැ.

අමාත්‍ය මණ්ඩලයේ සිටි සියලු දෙනා එම යෝජනාව ගන්නා අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ සිටියා. එහෙමනම් එහිදී එම තීරණය සම්බන්ධව සමස්ත අමාත්‍ය මණ්ඩලයම වගකීම බාර ගත යුතුයි. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපේ ස්ථාවරය තමයි මෙම විශ්වාසභංගයේ දී ගම්මන්පිළ අමාත්‍යතුමාට විශ්වාසය පළ කිරීම. ඒ සඳහා අපි කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.