නිසි කළමනාකරණයක් තුළින් ආර්ථික අර්බුදයට විසඳුම් .....
රට විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය ප්‍රමුඛතාවය දී ඇති අතර නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදීය. කිහිපවතාවක් රට වසා දැමීම නිසා දේශීයවත් විදේශීයවත් රජයට මුදල් ලැබුණු ක්‍රමවේද අවහිරව ඇතැයි පෙන්වා දුන් මුදල් අමාත්‍යවරාය, රජයටත් ජනතාවටත් මුදල් ගලා ඒමේ ක්‍රමවේද සක්‍රිය වීමට නම් හැකි ඉක්මණින් රට විවෘත විය යුතු බව පැවසීය.
යුද්ධය පවතින අවස්ථාවේ රටේ පැවතියේ ඩොලර් බිලියන 1.2 ක සංචිතයක් පමණක් බව පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා සදහන් කළේ වර්තමානයේ බිලියන 4 ක පමණ සංචිතයක් පවතින හෙයින් නිසි කළමනාකරණයක් තුළින් වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමේ හැකියාව පවතින බවයි.
ඩොලරයේ මිල ඉහළ යෑම කෙරෙහි බොරු ප්‍රචාර බලපා ඇතැයි පෙන්වාදුන් මුදල් අමාත්‍යවරයා මෙම තත්ත්වයට මුහුණදීම සඳහා සූදානම් බව ද අවධාරණය කළේය. මුදල් අමාත්‍ය ධූරයේ වගකීම ඉටුකරන අතරේ පක්ෂයේ වගකීම්ද නොපිරිහෙලා ඉටු කිරීම සිය අභිප්‍රාය බව සඳහන් කළ අමාත්‍යවරයා විපක්ෂ නායකකම හෝ නොමැති අවස්ථාවක පක්ෂයක් නිර්මාණය කර ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකි වූයේ එකමුතුකම නිසා බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සහ ඒ සඳහා බලපා ඇති ගැටලුකාරි තත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර පළාත් පාලන ආයතන ප්‍රධානීන් තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදි මුදල් අමාත්‍යවරයා දැනුවත් කළේය.
මෙම අවස්ථාව සදහා ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලන්සා, රොෂාන් රණසිංහ ඇතුළු මැති
ඇමතිවරුන් සහභාගී වුහ.