මංගල උත්සවය ජංජාලයක් වී ජෝඩුව පොලිසියේ හනිමූන් ගිහින් සිදුවූ දේ..

Sri Lanka Police Gossip Today
By Sithumi May 27, 2022 03:22 PM GMT
Sithumi

Sithumi

Report

විවාහ චාරිත්‍රවලින් පසු මංගල ගමනට යෑමට නියමිතව සිටි යුවළකට ඒ සුන්දර මොහොත අමතක කර ගම්පොල පොලිසියේ රැය පහන් කිරීමට සිදු වූ පුවතක් වාර්තාවේ. මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අයත් එක් අංශයක සේවය කරන අතර මනාලයා දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයේත් මනාලියේ ගම්පොල පළාතේත් පදිංචිකරුවන්වේ.

මඟු‍ල ජයටම කෙරීගෙන යද්දී දෙපාර්ශ්වයේම වැඩි පිරිසක් පදම ඉක්මවා ගැනීමටද අමතක කර නැත. මේ අතර මනාළියගේ පාසල් මිතුරන් සිව්දෙනෙකු ද එයට ආරාධනා ලැබ පැමිණ තිබුණි. පදම ගානට එද්දී පාසල් කාලයේ සිදුවීම් ද ඔවුන්ට කියවීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. මනමාලයාගේ වැඩිමහල් සොයුරාගේ කේන්තියට එය හේතු වී ඇති අතර එහි ප්‍රතිඵලය වූයේ ඔහු එම තරුණයන් සිව්දෙනාට දොස් තැබීමයි.

එයට කේන්ති ගිය මිතුරන් සිව්දෙනාම මනමාලයාගේ සොයුරාට පහරදී ඇත්තේ මඟු‍ලද අමතක කරමිනි. අවසානයේ මෙම ස්ථානය තුළ මහා ගැටුමක් නිර්මාණය වී ඇති අතර උත්සව ශාලාවට ද බරපතළ හානි සිදුවී ඇත. මනමාලිගේ පාර්ශවයේ කිහිපදෙනෙක් රෝහල් ගත කර මනමාලයාගේ සොයුරා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සොයුරා ඇතුළු ඥාතීන් හැර යාමට අකමැති වූ මනාලයා ගම්පොල පොලිසිය වෙත පැමිණ තිබේ.

මනාලිය ද ඔහු පසු පස විය. පොලිසියට සාක්ෂි සටහන් කිරීම ඇතුළු නීති කටයුතු සිදු කිරීමට මහ රෑ දක්වාම සිදුවිය. ඒ අනුව සැකකරුවන් පසුදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණි. හනිමූන් යෑමට සූදානම් කර තිබූ මෝටර් රථය ආපසු පිටත් කළ මනමාල යුවළ එළිවන තුරු එහි තිබූ වෑන් රථයක රැය ගත කළේ සොයුරා නිසාය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now