විදෙස් ගමන් බලපත්‍ර ප්‍රාදේශිය කාර්යාල වලිනුත් ...
ආගමන විගමන දෙපාර්තුමේන්තුව කොරෝනා වසංගතය පවතින කාලසීමාවේද විදේශ් ගමන් බලපත්‍ර සකස් කිරීම සදහා සාමාන්‍ය අයුරින් දෙයිනික රාජකාරි සිදු කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පවසයි.
ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලට අමතරව මාතර ,වව්නියා,මහනුවර ,කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල වල සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක්ට අනුව සීමිත සේවාලාභීන් පිරිසක් සදහා විදේශ ගමන් බලපත්‍ර ලාබදීමේ කටයුතු සිදු කරයි.
අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභි න් පමණක් තම පදිංචි ස්ථානයට ආසන්නම කාර්යාලයට කථා කොට දිනයක් හා අංකයක් ලබාගැනීමෙන් අනතුරුව සේවා ලබාගැනීමට පැමිණය යුතුවෙයි.මීට අමතරව කිසිදු දැනුම්දීමකින් තොරව පැමිණෙන්නන්හට කාර්යාල පරිශ්‍රවයට ඇතුළු වීමට ඉඩ නොදෙන බවද ආගමන විගමන දෙපාර්තුමෙන්තුව පවසයි.
මීට අමතරව දැනට නිරෝධායන ඇදිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල මහජනතාව මේ අවස්ථාවේ කාර්යාලයන් වෙත පැමිනීමෙන් වලකින ලෙසද ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසයි. ගමන් බලපත්‍ර ලබාගැනිම සදහා අයදුම් පත් බාර ගැනිම සදහා බත්තරමුල්ල කාර්යාලයේ පෙරවරු 09.00 සිට දහවල් 01.00 දක්වා සිදු කරන අතර 0707101060-0707101070 යන දුරකථන අංක වලට කථාකොට දිනයක් හා වෙලාවක් වෙන්කරගෙන සිය කාර්යාල පැමිණිය යුතු බවද ගයාන් මිලින්ද මහතා වඩි දුරටත්ප පැවසුවේය.
මීට අමතරව මාතර ප්‍රාදේශීය කාර්යාලයෙන් 041 5412212-041 5104444,මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ 081 5624509-081 5624470,වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ 025 5676344-025 5676345,කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ 0375550562-0375550563 යන දුර කථන අංකවලට ඇමතුම් ලබාදි අදාල කාර්යාලවලින් දිනයක් හා වෙලාවක් වෙන්කරගෙන පෙරවරු 09.00 සිට දහවල් 01.00 කාලය තුළදී සේවාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ට අනුගතව ලබා ගත හැකි බවද ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසයි.
