විදෙස් ගමන් සාමාන්‍ය සේවාව ඊයේ සිට අරඹයි....

srilanka passport gayan milinda
By Nimal Jun 23, 2021 07:47 AM GMT
Nimal

Nimal

Report

 සංචරණ සිමා ඉවත් කිරීමත් සමගින් විදේශ ගමන් බලපත් ලබා ගන්නා ජනතාවගේ පහසුව සදහා එක්දින සේවාව හා සාමාන්‍ය සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ලබාදීමට ආගමන විගමන දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.

ඒ අනුව මහජනතාවට රට විවෘත කිරීමත් සමගින් එක් දින සේවාව යටතේ පසුගිය 21 වැනි දින පමණක් විදෙස් ගමන් බලපත් 600 ක් පමණ සකස් කර දිමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආගමන විගමන දෙපාර්තුමේන්තුව සාමාන්‍ය සේවාව නතර කර තිබු අතර ඊයේ දිනයේ සිට සාමාන්‍ය සේවාවන් ද ආරම්භ කර ඇත. එහිදී සාමාන්‍ය සේවාව ආරම්භ කිරීමත් සමගින් විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය සේවාව යටතේ ලබා ගැනීම සදහා ඉල්ලුම් පත් 300 ක් ලැබී තිබේ.

සේවාවන් ලබා ගැනීමට ජනතාව පැමිණීමේදී දිනයක් වෙලාවක් වෙන්කර ගැනීමට අවශ්‍ය නොවන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණිය යුතු බවද ගයාන් මිලින්ද මහතා වැඩි දුරටත් පැවසුවේය.

ReeCha