තෝරාගත් රෝහල් 15 ක් සූර්ය විදුලි උත්පාදනය ...
. තෝරාගත් රජයේ රෝහල් පහළොවක ( 15) සූර්ය පැනල ස්ථාපිත කර පුනර්ජනනීය විදුලිය උත්පාදනය කිරීම සම්බන්ධ ව්‍යාපෘතිය ආරම්භ කිරීම තිරණය කෙරේ.
අදාල ව්‍යෘපෘතිය පිළිබදව ඊයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතර සාකච්ජාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාගයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුනර්ජනනීය බල ශක්ති භාවිතය 70%ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිත අතර සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් එම ඉලක්කය සපුරා ගැනීම පිණිස ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් දැනටමත් ආරම්භ කර තිබේ.
එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙසින් රජයේ රෝහල්වල වහල මත සූර්ය පැනල සවි කිරීමෙන් පුනර්ජනනීය විදුලිය උත්පාදනය කිරීමට නියමිතය. එහි නියමු ව්‍යාපෘතිය තෝරාගත් රජයේ රෝහල් පහළොවක ( 15) ආරම්භ කිරීමට මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතියි. මෙහිදී අදහස් දැක්වූ ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ,“ මෙම ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අපට ලැබුණු ව්‍යාපෘති වාර්තාවක්. මෙහි ව්‍යාපාරික ආකෘතිය ( Business Model) කුමක් ද යන්න අපට වැදගත් වන්නේ නැහැ .
එහි මූලික සැලැස්ම ඔබගේ අමාත්‍යාංශය මඟින් සැලසුම් කිරීමෙන් පසු , අපට ලබා දීමට කටයුතු කරන්න. ඒ අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට අපගේ අමාත්‍යාංශය කටයුතු කරනවා . රජයේ රෝහල්වල වහල මත සූර්ය පැනල සවි කිරීමෙන් අනතුරුව එම පුනර්ජනනීය බලශක්තිය මිල දී ගැනීමට අප කටයුතු කරනවා. ඒ අනුව ඒ ආදායමෙන් යම් ප්‍රතිශතයක් අදාළ රෝහලට ලබා දීමට ද කටයුතු කරනවා . ඒ අනුව එම රෝහලට සිය මාසික විදුලි බිල අඩු කර ගන්නා අතරතුරම යම් ආදායමක් ලබා ගැනීමටත් හැකියාව පවතිනවා.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපත්ති සකස් කිරිමට අප අමාත්‍යාංශය කඩිනමින් පියවර ගැනීමට සුදානම් අනතුරුව මෙකී ව්‍යාපෘතියේ ඉදිරි සැලසුම් පිළිබඳව පූර්ණ විස්තර කිරීමක් සිදු කළ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පුනර්ජනනීය බලශක්තිය භාවිතය කරා ගමන් කිරීමේ දී අපි පළමුවෙන්ම රජයේ රෝහල් , රාජ්‍ය විශ්වවිද්‍යාල හා රජයේ පාසල් ආශ්‍රිතව සූර්ය පැනල සවි කිරීමට අදහස් කර තිබෙනවා.
එම රාජ්‍ය ආයතන සතුව පුළුල්
වපසරියක් සහිත, හිරු එළිය හොඳින් ලැබෙන වහල තිබීම එම ආයතන තෝරා ගැනීමේ දී අප විමසිලිමත් වුණු ප්‍රධාන කරුණයි. මෙම අවස්ථාවට සහභාගී වූ ගරු සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය අදහස් දක්වමින් - ” මෙම සංකල්පය ඉතාමත් හොඳ සංකල්පයක්. පුනර්ජනනීය බල ශක්තිය කරා ගමන් කිරීමේ දී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අතිශ්‍ය වැදගත් වෙනවා. රාජ්‍ය ආයතනයන්හි වහලවල්වල සූර්ය පැනල සවි කිරීම මඟින් පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කරන අතරම රටට වඩාත් වාසිදායක ලෙස කටයුතු කිරීමට ද හැකිවෙනවා. යැයි පැවසීය.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පිරිසක සහභාගී වී සිටියහ.