රෝහල් 3කට රු.මි.3.9ක් වටිනා ඔක්සිජන් හයිෆ්ලෝ මැෂින්...

srilanka health sudarsane pranandupulle
By Nimal Jul 04, 2021 06:26 AM GMT
Nimal

Nimal

Report

  කොවිඩ් ආසාදනය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති වන රෝගීන් වෙනුවෙන් අවශ්‍ය කරන ඔක්සිජන් ලබාදීම සදහා රෝහල්වලට අත්‍යවශ්‍ය වන ඔක්සිජන් හයිෆ්ලෝ මැෂින් 03ක් කුලියාපිටිය, කුරුණෑගල සහ නිකවැරටිය රෝහල් වෙත FMCG බෙවරේජ් ආයතනය විසින් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුකරන ලදි.රෝහල් 3කට රු.මි.3.9ක් වටිනා ඔක්සිජන් හයිෆ්ලෝ මැෂින්... | Srilanka Health

රුපියල් මිලියන 3.9ක් වටිනා නවීනතම ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර මෙසේ පරිත්‍යාග කල අතර එම උපකරණ කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙනුවෙන් එහි ප්‍රධාන ඖෂධවේදී මංජුලා රන්දුනු මහත්මිය වෙතද, කුරුණෑගල ශික්ෂණ රෝහල වෙනුවෙන් එහි ප්‍රධාන ඖෂධවේදී මලින්තා ජයලත් මහත්මිය වෙතද නිකවැරටිය මහ රෝහල වෙනුවෙන් එහි ඖෂධවේදී ජී.එල්.ඩී. තිලංග මහතා වෙතද එම මොහොතේම ලබාදීමට කටයුතු කරන ලදි.රෝහල් 3කට රු.මි.3.9ක් වටිනා ඔක්සිජන් හයිෆ්ලෝ මැෂින්... | Srilanka Health

මෙම පරිත්‍යාගය සදහා FMCG බෙවරේජ් ආයතනය වෙනුවෙන් ඩස්ටි අලහකෝන්, මවුඩ් මෛජ්බූම් සහ මයන්ති වික්‍රමතිලක යන මහත්ම මහත්මීන් එක්ව සිටි අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේ තාක්ෂණික සහයෝගය මේ සදහා ලබාදෙන ලදි.