පද්මේගේ ෆෝන් එක නිසා සියල්ල එළි වෙයි - දේශපාලනඥයන් 9ක්, බන්ධනාගාර නිලධාරින් 13ක් සහ නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 7කගේ පැටිකිරි වැට පනී
ඉන්දුනිසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා ලබන 03 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබිමට අධිකරණය නියම කර ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබුණා. එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු රැසක් හෙළි කර සිටියා.
ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි
එනම්, “ස්වාමිණි. සැකකරු භාරයේ තිබි ජංගම දුරකතන 08 ක් සොයාගත්තා. ඒවායෙහි දත්ත මක දමා තිබුණා. පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කරගත්තා. ඒවායෙහි ඇමතුම් 8841 ක් පිළිබද තොරතුරු අනාවරණය කරගත්තා. ඡායාරූප තුන්ලක්ෂ විසිහයදහස් හයසිය හැත්තෑ එකක් සොයාගත්තා. දුරකතන පටිගත කිරිම් 1101 ක් හා වීඩියෝ දර්ශන 5039 ක් හමුවුණා. ස්වාමිණි. මේ ජංගම දුරකතන දත්ත විශ්ලේෂණය කිරිමේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබද තොරතුරු අනාවරණය වුණා. ඔහුගේ දුරකතනවල තිබි බන්ධනාගාර නිලධාරින් 13 දෙනෙකුගේ දුරකතන අංක හමුවුණා. නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 07 දෙනෙකු පිළිබද තොරතුරු සොයාගත්තා. දේශපාලනඥයන් 09 දෙනෙකු පිළිබද ඡායාරූප සහ දුරකතන සංවාද හමුවි තිබෙනවා. ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා. බැංකු ගිණුම් 17 ක් ගැන විමර්ශන ක්‍රියාත්මකයි. මොහු රටවල් 13 ක ස්ථාන 15 කට පමණ ගොස් තිබෙනවා. මෑතකදී ගිනිඅවි සොයාගැනිම සම්බන්ධයෙන් ද මෙම සැකකරු ගැන විමර්ශන කරනවා.” යනුවෙන්.
මේ අතර සැකකරු වෙනුවෙන් පෙනිසිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා පවසා සිටියේ සැකකරුගේ විරුද්ධවාදීන් වැලිසර බන්ධනාගාරයේ සිටින බැවින් වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක තම සේවාදායකයා රදවා තැබිමට ක්‍රියා කරන ලෙසයි.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 03 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා.
එමෙන්ම ඉන්දුනිසායාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන විමර්ශන සිදුකරන නිලංග සම්පත් සිල්වා නොහොත් පානදුර නිලංග නැමැත්තා ද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුද ලබන 03 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කර තිබෙනවා.