හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට ලෝක නඩුවක් - දෙසැම්බර් 4 වෙනිදාට දින දෙයි
අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් අඩංගු නෞකාවක් මෙරටට ආනයනය කිරීම මඟින් රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.7කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.
මෙම කරුණු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී හෙළි වූ අතර වෙනත් නඩුවකට අදාළව සිරදඬුවම් විඳිමින් සිටින මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බැවින්, විමර්ශන අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනක් ලබා දෙන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, අදාළ නඩුව නැවත දෙසැම්බර් මස 04 වන දින කැඳවන ලෙස නියෝග කළ අතර, එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද අල්ලස් කොමිසමට නියෝග කළේය.