චීනය සහ ඉන්දියාව සාමයට අත වනයි - දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා බීජිංහිදී ඇරඹෙයි

Report

චීනය සහ ඉන්දියාව අතර දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ විශේෂ නියෝජිතයන් අතර පැවැත්වෙන 25 වැනි වටයේ සාකච්ඡා අද (25) චීනයේ බීජිං නුවරදී ආරම්භ වී තිබේ.

ඉන්දියාව වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ චීනය වෙනුවෙන් විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම සාකච්ඡාවල විශේෂ නියෝජිතයන් ලෙස කටයුතු කරති.

සාකච්ඡාවලදී දේශසීමා ගැටලුවට අමතරව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳවද අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව සඳහන් වේ.

ඇපල් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ඇපල් පිස්සන්ට පිස්සු හැදෙන ආරංචියක්

ඇපල් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ඇපල් පිස්සන්ට පිස්සු හැදෙන ආරංචියක්

මෙම සාකච්ඡාවලට පෙර අජිත් දෝවාල් චීන උප ජනාධිපති හාන් ෂෙං හමුවී දේශසීමා ප්‍රදේශවල සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම මෙන්ම දෙරට අතර ආර්ථික, දේශපාලන සහ බහුපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෙය 2025 අගෝස්තු මාසයේ නවදිල්ලියේ පැවති 24 වැනි වටයේ සාකච්ඡාවලින් අනතුරුව පැවැත්වෙන නවතම ඉහළ මට්ටමේ දේශසීමා සාකච්ඡාවයි. චීන-ඉන්දීය දේශසීමාවේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම දෙරටේ සමස්ත සබඳතා වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස දෙපාර්ශ්වයම අවධාරණය කර ඇත.  

ඉරානයේ වෙළෙඳ හවුල්කරුවන්ටත් ඇමරිකානු සම්බාධක අවදානමක් - ඉරාන “ආර්ථික හුස්ම හිරකිරීමකට” ට්‍රම්ප්ගේ සූදානමක්

ඉරානයේ වෙළෙඳ හවුල්කරුවන්ටත් ඇමරිකානු සම්බාධක අවදානමක් - ඉරාන “ආර්ථික හුස්ම හිරකිරීමකට” ට්‍රම්ප්ගේ සූදානමක්