ලාංකිකයන් දැඩි අනතුරක - රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට බලපෑම් - ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක්?
අද (25) දිනවෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ගෝලීය එල්නිනෝ තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ මිලට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සොයා බැලීම සඳහා පෙර සූදානම අරමුණු කර ගනිමින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී ආනයනකරුවන් සතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණයන් විමසා බැලීම සහ ශ්‍රී ලංකා රේගුවේ දත්ත විමසා බැලීම ද මෙහිදී සිදු වූ අතර පරිප්පු, අල, ලූණු, කරවල සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ හිඟයකින් තොරව පවත්වා ගෙන යාම මෙන්ම මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳව මෙහිදී ආනයනකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි
වැඩිදුරටත් ඉදිරියේදී ඇතිවිය හැකි හිඟයන් හෝ මිල ඉහළ යාම් පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ තත්ත්වය සහ කාලගුණික වෙනස්වීම් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටද තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් කැඳවා සිදුකළ මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා මහතා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්භාව මහතා, ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය.