ලංකාවම ගිනි ගොඩක් උඩ - හෙට සවස 4 දක්වා වලංගුයි - ජනතාව දැන්ම දැනුවත් වෙන්න

Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (23) පස්වරු 4.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (24) පස්වරු 4.00 දක්වා වලංගු බවයි.

ඒ අනුව,නැගෙනහිර පළාතේත් පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව් 30 මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමකට පත්විය හැකි බවයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි

ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

එමෙන්ම එම නිවේදනයේ සඳහන් වන්නේ වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසයි. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් වේ.