සෑම ආගමික දේශනයකදීම විනාඩි 5ත් 10ත් අතර කාලයක් මේ ගැන ජනතාව දැනුවත් කරන්න - සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක්
සෑම දිස්ත්‍රික්කයකම අවම ලෙස එක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හෝ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන "රටම එකට" ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුවට සහභාගී වෙමින්.
ඉකුත් අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව ඔහු කියා සිටියා.
එසේම මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඉල්ලුම සහ සැපයුම යන දෙඅංශයම එකවර පාලනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළා.
ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, මත්ද්‍රව්‍ය වෙනුවෙන් පවතින ඉල්ලුම අඩු කිරීම සහ සැපයුම් ජාලය පාලනය කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.
ඒ වෙනුවෙන් ප්‍රාදේශීය කමිටු, මහජන ආරක්ෂක කමිටු, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ සියලු පාර්ශ්ව එක්කර ගනිමින් ශක්තිමත් ජාලයක් ගොඩනගා ඇති බවද සුනිල් වටගල මහතා පැවසුවා.
එසේම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වෙනුවෙන් ආගමික නායකයන්ගේ දායකත්වයද ලබාගැනීමට කටයුතු කර ඇති බව ඔහු කියා ඇත.
එබැවින් සෑම ආගමික දේශනයකදීම විනාඩි 5ත් 10ත් අතර කාලයක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙස ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
එම අවස්ථාවට ආගමික නායකයන් ඇතුළු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා, පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.