පළාත් සභා මැතිවරණය ගැන ලංකාවටම රජයේ තීරණය දන්වයි
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(25) දින ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මැතිවරණය නොපවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් පසු මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ අනුව ඔහු පැහැදිලි කළේ රජය දැනටමත් මැතිවරණය සඳහා අරමුදල් වෙන් කර ඇති බවයි.
ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි
එසේම පාර්ලිමේන්තුව අවශ්‍ය නීති සම්පාදනය කර මෙම වසර තුළ සීමා නිර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ කළහොත් මැතිවරණය පැවැත්විය හැකි බව ඔහු පැවසුවා.
ඒ, "රජයේ අපේක්ෂාව පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමයි. මැතිවරණය නොපවත්වන බවට කිසිදු අදහසක් නැත. පාර්ලිමේන්තුවේ කමිටුවක් දැනටමත් පත් කර ඇති අතර, ඒ හරහා කටයුතු ඉදිරියට යා යුතුයි."
එමෙන්ම නීතිමය රාමුවක් නොමැතිව මැතිවරණ පැවැත්විය නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, අවශ්‍ය නීතිය ප්‍රමාදයකින් තොරව පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමේ අවශ්‍යතාවය ද නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා.