කොවිඩ් දෙවන එන්නත ලබාදීම ගුවන් හමුදාව මගින් ....

srilanka health gampaha
By Nimal Jun 11, 2021 07:32 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් ප්‍රතිශක්තිකරණ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව, අද දින (11) ශ්‍රී ලංකා ගුවන් හමුදවේ වෛද්‍ය ඒකකය මගින් ගම්පහ රාජ්‍ය සේවකයන් පිරිසකට ලබාදීමට පියවර ගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති මෙම එන්නත්කරණ වැඩසටහන පටන් ගෙන ඇති අතර මේ ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිලධාරීන් සියල්ලටම ඉදිරි දින කිහිපයේද ක්‍රියාත්මක කිරීමට නියමිතය.කොවිඩ් දෙවන එන්නත ලබාදීම ගුවන් හමුදාව මගින් .... | Srilanka Health

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන මාත්‍රාව (සයිනොෆාම්) ගම්පහ රාජ්‍ය සේවකයන්ට ලබා දීමේ වැඩ සටහන ඊයේ  ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ආරම්භ කළ අතර සියළුම රාජ්‍ය නිලධාරීන් හට සයිනොෆාම් එන්තත් ලබා දීමට පියවර ගන්නා බවද ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.