ඔප්ටිමල් ෆින්ගර්ටිප් ස්පන්දන ඔක්සි මීටර හැටක් 60 ක්...
ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ සහ සිරියාවේ කිහිප දෙනෙකුගේ සහාය ඇතිව ප්‍රශස්ත ඇඟිලි තුඩු ස්පන්දන ඔක්සිමීටර 60 ක් විදේශ අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට තිබේ.
මෙම යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන රජයේ රෝහල්වල රෝගීන්ට උපකාර කිරීම සඳහා ලබාදීමට නියමිතය.
වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා ලෙබනනයේ තානාපති කාර්යාලයේ කාර්‍යමන්ඩලය, තානාපතිනි ශානි කල්‍යාණරත්න මහත්මිය ,සිරියා ශ්‍රි ලංකා කොන්සල් ආචාර්ය එම්. මුසම්මාල් අල් ඩෲබී මහතා සහ සම්මේන් අල් ඩෲබී මහත්මිය,කාන්ති සිල්වා මහත්මිය,රත්නදීප ජාත්‍යන්තර විගමනික මණ්ඩපයේ සභාපතිනිය කුසූම් කොඩිකාර මහත්මිය,රත්නදීප ජාත්‍යන්තර විගමනික මණ්ඩපයේ විධායක අධ්‍යක්ෂක නූවන් චාරක මහතා යන අය විසින් ඇඟිලි තුඩු ස්පන්දන ඔක්සිමීටර 60 ක් තමන්ගේ ධන පරිත්‍යාගයන් ලබා දෙන ලදි.