ලොව පුරා බෞද්ධ තොරතුරු රැස් කිරීමට පියවර ගනී...
srilanka
foreign
dines gunawardana
By Nimal
ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කිරීමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන ඇත. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙල තුළින් ලෝකයේ බෞද්ධ රටවල් සමඟ ශ්‍රි ලංකාවේ සබඳතා පුළුල් කිරීමට විදේශ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
ප්‍රථම වතාවට ශ්‍රි ලංකා රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට මෙරට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් දැනුවත් කර උන්වහන්සේලාගේ සහාය හා මඟ පෙන්වීම් ලබා ගැනීමට නියමිත බවද ඇමතිවරයා පවසයි.
ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව එක් රැස්කල තොරතුරු පිළිබඳ පළමු ලේඛනය විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට බාර දෙන ලදි