හොරෙන් යවන්න හැදු හක්බෙල්ලන්ට සිදුවුයේ මෙවන් දෙයක් ....(PHOTO)

srilanka castam sudaththa silwa
By Nimal Jun 23, 2021 01:31 AM GMT
Nimal

Nimal

Report

 සූක්ෂම ලෙස සඟවා ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කල නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය මගින්  අත්අඩංගුවට ගෙන ඇත.හොරෙන් යවන්න හැදු   හක්බෙල්ලන්ට සිදුවුයේ මෙවන් දෙයක්  ....(PHOTO) | Srilanka Castam

පුත්තලම ප්‍රදේශයේ සැකකාර සමාගමක් විසින් මෙම නීති විරෝධී හක් බෙල්ලන් අඩංගු බහාලුම අපනයනය කිරීම සඳහා පසුගිය 15 වන දින උත්සාහ කිරීමේ දී ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර දින දෙකක් (20 - 21) පුරා සිදු කල පරික්ෂා කිරීම අවසානයේ දී අපනයනය තහනම් කල හක් බෙල්ලන් 21,480 ක තොගයක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වු   බව  රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ,සුදත්ත සිල්වා මහතා පවසයි.හොරෙන් යවන්න හැදු   හක්බෙල්ලන්ට සිදුවුයේ මෙවන් දෙයක්  ....(PHOTO) | Srilanka Castam

වර්ෂ 2003 අංක 1298/1 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාර ව පනවා ඇති හක් බෙල්ලන් පිළිබඳ ධීවර කළමනාකරණ සහ අපනයන නියෝග වලට අනුව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද අපනයන බලපත්‍රයක අධිකාරිය යටතේ හැර කිසියම් තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවෙන් හක් බෙල්ලන් අපනයනය නොකල යුතු බව දක්වා ඇත. තවදුරටත් එම නියෝගය අනුව විෂ්කම්භය මිලි මීටර් 70 ට වඩා අඩු හක් බෙල්ලන් කිසිම තැනැත්තෙකු විසින් සන්තකයේ තබා ගැනීම, මිල දී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම තහනම් කර තිබේ.හොරෙන් යවන්න හැදු   හක්බෙල්ලන්ට සිදුවුයේ මෙවන් දෙයක්  ....(PHOTO) | Srilanka Castam

ටර්බිනේල්ලා පයිරම් (Turbinella Pyrum) විශේෂයට අයත් වන මෙම හක් බෙල්ලන් 20,000 ක් ඉන්දියාවට අපනයනය කරන බවට මෙම අපනයනකරු රේගු ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා අපනයනකරු ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වලංගු අපනයන බලපත්‍රයක් ද රේගුවට ඉදිරිපත් කර තිබේ. නමුත් රේගු පරික්ෂාවේ දී සොයා ගත් මුළු හක් බෙල්ලන් ප්‍රමාණය 33,680 ක් වන අතර ඒ අතුරින් හක් බෙල්ලන් 21,480 විෂ්කම්භය මිලි මීටර් 70 ට වඩා අඩු අපනයන තහනම් හක් බෙල්ලන් වේ.හොරෙන් යවන්න හැදු   හක්බෙල්ලන්ට සිදුවුයේ මෙවන් දෙයක්  ....(PHOTO) | Srilanka Castam

මේ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.  

ReeCha