කපුරු මුවාවෙන් මෙරටට ගෙන්වු කහ තොගයක් රේගුවට කොටුවෙයි....

srilanka castam sudaththa silwa
By Nimal Jun 01, 2021 01:27 PM GMT
Nimal

Nimal

Report

. ඉන්දියාවේ සිට පිරිසිදු කපුරු ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් අද දින කළ පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන පහකුත් පන්ලක්ෂ විසි දහසක් වටිනා මෙරටට ආනයනය තහනම් කර ඇති වියලි කහ තොගයක් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බහාලුම පිළිබදව ප්‍රධාන   නිවාරණ නිලධාරී  ඇරව්පොල මහතාට ලද ඹත්තුවකට අනුව රේගු නිවාරණ අංශයේ නිලධාරීන් කළ පරික්ෂාවේදී වියලි කහ කිලෝග්‍රෑම් 15,251 ක් අඩංගු පෙට්ටි 504 ක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු  අධ්‍යක්ෂ  සුදත්ත සිල්වා මහතා පවසයි.කපුරු මුවාවෙන් මෙරටට ගෙන්වු කහ තොගයක් රේගුවට කොටුවෙයි.... | Srilanka Castam

බහාලුම මෙරටට ගොඩ බාන අවස්ථාවේ දී රේගුවට ප්‍රකාශ කර තිබුණේ එහි පිරිසිදු කපුරු (Refined Naphthalene) කිලෝග්‍රෑම් 16,000 ක් අඩංගු පෙට්ටි 507 ක් ඇති බවයි.පිරිසිදු කපුරු ලෙස ප්‍රකාශ කොට රේගුව නොමග යවා රට තුළට කහ තොගය ඇතුළු කිරීමට උත්සාහ කොට තිබුණි. මෙම නීති විරෝධී ආනයන මගින් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන එකකුත් පන්ලක්ෂ පනස් පන්දහසක් බව මේ වන විට ගණන් බලා තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන රේගු නිවාරණ අංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා එම භාණ්ඩ රාජසන්තක කොට ආනයන කරුට වැඩිදුර දඩ පැනවීමට නියමිත බවද සුදත්ත සිල්වා මහතා පවසයි.