APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්ෂිතතාවයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට “Diamond” හිමිවෙයි...
ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරිම සඳහා දරන උත්සාහයන් වෙනුවෙන් ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX-Airline Passengers Experience Association) මගින් සෞඛ්‍ය සුරක්ෂිතතා “Diamond” ප්‍රමිතිය පිරිනමා තිබේ.
මීට පෙර ද 2021 ජනවාරියේ මාසයේ දී පශ්චාත් කොවිඩ් සමය තුල සිදුකළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන් සහතික කිරිම වස් ගුවන් සේවය දරන උත්සාහය පිළිබඳව සිදුකළ පූර්ණ ස්වාධීන පරික්ෂාවකින් පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්ෂිතතා “Platinum” ප්‍රමිතියද හිමිවිය.
ලකුණු 58 පිරික්සුම් ලැයිස්තුවක් මත පදනම්ව ලබාගත හැකි ඉහළම ශ්‍රේණිගත කිරිම වන “Diamond” ප්‍රමිතිය ලබාගත් දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. ගුවන් සේවයට මෙම ප්‍රමිතිය සාක්ෂාත් කරගැනීමට හැකිවුයේ ස්පර්ශ රහිත පිරික්සුම් ක්‍රියාවලියක් සහ සමාජීය දුරස්ථභාවය ක්‍රියාත්මක කිරිම ඇතුළුව මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව නිර්ණායක ගණනාවක් සමාලෝචනය කිරිමෙන් අනතුරුවය.
සෑම ගුවන් ගමනකටම පෙර සියළුම ශ්‍රීලංකන් ගුවන් යානා විෂබීජහරණය කරන අතර, නවීනතම හා ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුත් විශේෂිත වාතය (HEPA) පිරිසිදු කිරිමේ පද්ධති වලින් ගුවන් යානා සමන්විත වේ. ගුවන් යානය පුරා සෑම මිනිත්තු දෙක තුනකට වරක් වාතය ප්‍රබෝධමත් වන අතර, මේ සඳහා APU (Auxiliary power unit) සක්‍රීයව තබාගැනීමට අවශ්‍ය වන HEPA Filter ඉහළ මට්ටමක පැවතීමත්, ඒවායේ උපරිම ධාරිතාවය දක්වා ක්‍රියාත්මක වීමත් APEX SimpliFlying විගණන කමිටුවේ
විශේෂ ඇගයීමට ලක්විය.
