පොසොන් පෝදා පස්වෙනි සිල් පදය කැඩූ අයට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවූ භයානක සිදුවීම

Sri Lanka Police Youtube Galle National Youth Day
By Sithumi Jun 05, 2023 02:51 PM GMT
Sithumi

Sithumi

Report

පොසොන් වන්දනාවේ පැමිණ සිටි ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු ඊයේ (04) උදෑසන දෙහිඅත්තකණ්ඩිය, හෙනානිගල වැවේ දියේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි දෙහිඅත්තකණ්ඩාය පොලීසිය පවසනවා.  

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ, ගාල්ල, හබරාදූව, ගැටගහවත්ත, හප්පාවන, චංඩාවල ප්‍රදේශයේ පදිංචිව සිටි වීම්.කේ. අනුෂ්ක රුමේෂ් (අවු 20) හා ඩබ්ලිව්.පී. කසුන් කුමාර (අවූ,19) නමැති ඥාති සහෝදරයෝ දෙදෙනෙක් බවයි පොලීසිය පැවසුවේ.    

එසේම 50කට අධික වන්දනාකරුවන් පිරිසක් පෙරේදා (03දා) රාත්‍රියේ මහියංගණය පුදබිම වන්දනා කර ගෙන හෙනානිගල ගමට පැමිණ ඇති අතර, අදාළ පිරිසෙන් කොටසක් වැව් තාවුල්ලේ සිටිමින් රාත්‍රී කාලයේ විනෝද වී ඇති බවද පොලීසිය පවසා සිටියා. 
  

 අදාළ පිරිස බීමත්ව සිටි බව ගම්වාසීන් සඳහන් කළ බවත්, උදෑසන මුණ සේදීමට ගිය අය අතරින් මෙම තරුණයන් දෙදෙනා දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන අතර අනාරක්‍ෂිත ස්ථානවලින් දිය නෑමට නොයන ලෙස හෙනානිගල ගම්වාසීන් විසින් මෙම පිරිසට පවසා ඇති නමුත්, ඒ ගැන තැකීමක් නොකළ තරුණයන් දෙදෙනා දිය නෑමට වැව්ට බැස ඇති නමුත් පසුව මුහුණ සෝදමින් සිටි නඩයේ පැමිණි අනෙක් අයට කෑගහන සද්දයක් ඇසීමෙන් බලනවිට මේ දෙදෙනා දියේ ගිලී තිබෙනවා.

  අනතුරුව පැය භාගයක් පමණ කාලයක් හෙනානිගල ගම්වාසීන් වෙහෙසවීමෙන් පසු තරුණයන් දෙදෙනා ගොඩට ගෙන ඇත. මේ පිරිස පැමිණි බස් රථයෙන්ම තරුණයන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය මුලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණු අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වනවා