දින පහක විදුලි කප්පාදුව පිළිබදව දැනුම්දීමක්
Power Cut Today
Electric Vehicle
Sri Lanka Electricity Prices
By Sithumi
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 13 වැනිදා සහ 15 වැනිදා සිට 18 දක්වා දින හතර ඇතුළු දින පහේ සියලුම කලාපවලට පැය 2 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (10) පස්වරුවේ පැවසීය.
එම දින පහේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා එම විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය. මෙම මස 14 සහ 19 දෙදින සියලුම කළාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 10.00 දක්වා දිනකට පැයක් පමණක් විදුලිය විසන්ධි කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |