ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
By Sithumi
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි වැඩි වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමිරෙ 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.