උද්දමනය තවදුරටත් පහළට..

Sri Lanka
By Sithumi Apr 27, 2023 06:13 PM GMT
Sithumi

Sithumi

Report

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

53.6% ක් ලෙස පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය දැක්වුණු අතර පෙබරවාරි මාසයේදී 49%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 42.3%ක් දක්වා අඩුවී තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ පෙබරවාරි මාසයේ 57.4% ක් ලෙස පැවති උද්ධමනය මාර්තු මාසයේදී 54.9% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.