කඩිනමින් භූ කම්පන මාන සවිකරන්න

Sri Lanka Earthquake
By Sithumi Apr 24, 2023 05:33 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුවන භූ කම්පන පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකළයුතු බව පේරොදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. 

 මීට අදාළව මෙරට අධි සංවේදී කලාපවල භූ කම්පන මාන සවිකිරීමට කඩිනමින් පියවර ගතයුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. 

  හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ පිහිටි මුහුදු සුළු භූකම්පනයක් අද (24) අලුයම 12.45ට පමණ හටගෙන තිබුණා. 

 එහි බලපෑම බදුල්ල, මහනුවර සහ මාවනැල්ල යන ප්‍රදේශවලට ද දැනී ඇති බව වාර්තා වුණු අතර එම භූ කම්පනය රික්ටර් මාපාංක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ. 

 ඉකුත් පෙබරවාරි 10 වනදා සිටම භූ චලන සිදුවීම් රැසක් මෙරටින් වරින් වර වාර්තා වුණා. 

 ඒ මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන, ඔක්කම්පිටිය, ත්‍රිකුණාමලය සහ කිරින්ද ඇතුළු ප්‍රදේශ කිහිපයකින්. 

 ඒ අනුව මෙම ප්‍රවණතාව පිළිබඳව මේ වන විට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අවධානය යොමු වීතිබෙනවා. 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now