මට මේ විදියටම හැමදාම ආදරෙන් ඉන්න.. සුජානි මදුවන්ති (PHOTOS)
දවසින් දවස කලා ක්ෂේත්රයට අලූත් මුහුණු එකතු වෙනවා. අද රසඳුන මේ සොඳුරු කතාබහත් කලා ලොවට අලූතින් පෑයූ රංගන ශිල්පිනියක් ගැන. මේ දිනවල ඇය අපිට සමීප වෙන්නේ කෝලම්කුට්ටමේ භාග්‍යා ලෙසින්. භාග්‍යාට පණ පොවන්නේ සුජානි මධුවන්ති.
මේ කතාබහ සුජානි සම. පාසල් කාලෙත් කලා කටයුතුවලට සම්බන්ධ ද? ඔව්. මම ඉගෙන ගත්තේ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ. පාසල් කාලයේ මම නර්තනය හැදෑරුවා. නර්තන සහ සංගීත පැත්තෙන් හැමදේකටම වගේ සහභාගී වුණා. ඒ වුණත් පාසල් වේදිකාවේ නාට්‍යයවලට නම් සම්බන්ධ වෙලා නැහැ. මට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඒ නිසා නර්තනය, ගායනය සහ චිත්රවලට ඉදිරිපත් වෙලා තියෙනවා. කවදා හරි රඟපාන්න ආසාවක් තිබ්බද?
නැහැ, ඇත්තටම එහෙම එකක් තිබුණේ නැහැ. එකපාරට තමයි මේ අවස්ථාව ලැබුණේ. කවුරු වෙන්නද ආස කළේ? නැටුම් ගුරුවරියක් වෙන්න. කොහොමද රංගනයට අවස්ථාව ලැබුණේ? නාඩගම්කාරයෝ ත්‍ඉ පේජ් එකේ පොස්ට් එකක් තිබුණා නැටුම් කණ්ඩායමකට ගැහැනු ළමයි තෝරා ගන්නවා කියලා. ඒකට මමත් ඇප්ලයි කළා. මටත් ඔඩිෂන්වලට ඇරයුම් ලැබුණා. ඒ ඔඩිෂන් එකෙන් මම සිලෙක්ට් වුණා. නාඩගම්කාරයෝ අවසන් එපිසෝඞ් තුනේ වගේ නර්තන කණ්ඩායමේ මම හිටියා. එතැනින් පස්සේ තමයි කෝලම්කුට්ටමේ භාග්‍යා කියන චරිතය මට ලැබෙන්නේ. අමතක නොවන අත්දැකීම් ඇති?
කෝලම්කුට්ටමම මට අමතක නොවන මතකයක්. සද්ධා සර් සහ ශිවගුරුනාදන් සර්ගේ එකතුවකින් නිර්මාණය වෙන නාට්‍යයකට සම්බන්ධ වෙනවා කියන එකම ගොඩක් අයගේ හීනයක්. ඉතින් මම අලූත්ම කෙනෙක් වෙලා මට ඒ අවස්ථාව ලැබුණා කියන්නෙම භාග්‍යාගේ භාග්‍යයක්. හැබැයි මම ඒ හැමදිනකම රංගනය ගැන ඉගෙන ගත්තා සහ මම හැඳුණා. ඒ නිසා බොහොම ආදරෙන් හැමෝම මතක් කරනවා.
කොහොමද භාග්‍යාට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. භාග්‍යා කියන්නේ, බුද්ධිමත් විදිහට හිතන පතන යාළුවන්ට ගොඩක් ලෙන්ගතු අවංක චරිතයක්. ඒ නිසා ගොඩක් අය භාග්‍යාට ආදරේ කරනවා.
භාග්‍යා නිසා ඒ ආදරේ මටත් ලැබෙනවා. භාග්‍යාට ආදරේ කරන පේ්රක්ෂකයින්ට මොනවද කියන්න තියෙන්නේ? මට මේ විදියටම හැමදාම ආදරෙන් ඉන්න. මම ඉදිරියටත් ඒ ආදරේ රැකගෙන නිර්මාණවලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා මා එක්ක දිගටම ආදරෙන් ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. දිගටම රඟපාන්න ද කැමැත්ත දිගටම කලා ක්ෂේත්රයේ රැඳිලා ඉන්න ආසයි. ඒ වගේම සංගීත පැත්තෙන් ගායනයෙන් ඉදිරියට යන්නත් ආසයි.