සේවාදායකයා ප්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම්...'' සේපාල් අමරසිංහගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ ලබන 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ , ඔහුට එරෙහි නඩුවක් අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදියි.

YouTube නාලිකාවකට මුදාහළ වීඩියෝවක් මගින් ශ්‍රී දළඳා වහන්සේට සහ බුදු දහමට අපහාස සිදු කළේ, යැයි සේපාල අමරසිංහට චෝදනා එල්ල වී තිබේ. සැකකරු ලබන 10 වැනිදා හඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර තිබෙනවා.

  එම වීඩියෝ පටය අන්තර්ජාලයට නිකුත් කිරීම මගින් බුදු දහමට හෝ ශ්‍රී දළඳා වහන්සේට කිසිදු අපහාස කිරීමක් අපේක්ෂා නොකළ බවත් , යම් කිසි අපහාසයක් සිදුවුයේ නම් ප්‍රසිද්ධියේ මහා සංඝරත්නයෙන් සහ සමස්ත බෞද්ධ ජනතාවගෙන් සමාව ගැනීමට සුදානම් බවත්, සේපාල අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ දර්ශන කුරුප්පු මහතා අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

දර්ශන කුරුප්පු මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ , තමන් ඒ බව දන්වමින් තෛනිකායික මහානායක ස්වාමින් වහන්සේ වෙත ලිඛිතව දැනුම් දුන් බවයි. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව පළමු අවස්ථාවේදීම සිය සේවාදායකයා ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම් බව ද , නීතිඥ දර්ශන කුරුප්පු මහතා කියා සිට තිබෙනවා.