ශ්‍රී ලාංකික කතක් ගුවන් යානයක මිය යයි. - ගුවන් යානය ගොඩබස්වයි.
Sri Lanka
Death
By Wayomi
ගුවන් යානයක් ඊයේ (26) හදිසියේම Erbil ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
ඒ, අසනීප තත්ත්වයක් ඇති වූ ශ්‍රී ලාංකික කාන්තාවක් නිසාවෙනි.
කෙසේ වෙතත් වෛද්‍ය කණ්ඩායම් ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි නමුත් කාන්තාව යානය තුළම මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 81ක් වූ ප්‍රංශයේ ජීවත්වූ කාන්තාවක්.
ප්‍රංශ පුරවැසියෙකු වන ඇගේ පුතා සිය මවගේ මළ සිරුර පැරිසියට රැගෙන යාමට උදව් කරන ලෙස කුර්දි බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පවසන්නේ.
මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇත්තේ, කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්.
You May Like This Video