400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන් [PHOTO]
අද (ජූනි 23) 11 වන දිනටත් ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උත්සන්න වී තිබෙනවා.
ඒ ඉරානයෙන් එල්ල කරන ලද ප්‍රහාර රැල්ලක් නිසා.
ඒ අනුව උතුරු ඊශ්‍රායලයේ යළි අනතුරු ඇඟවීමේ සයිරන් හඬ ක්‍රියාත්මක වී ඇත. එසේම මිසයිල හුවමාරුව මැද ඉරාන මිසයිලයක් ඊශ්‍රායලයේ අෂ්දොද් නගරයට පතිත වන අවස්ථාව සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට වාර්තා වේ.
එම ඩෑෂ්කැම් දර්ශනවලින් මිසයිලය මාර්ගය අසල පුපුරා යන මොහොතේ ගල් හා සුන්බුන් විසි වන ආකාරය දැක්වේ.
ඉන්පසු මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව දූවිල්ලෙන් වැසී යන ආකාරයත් රියදුරු මිසයිලය පතිත වූ ස්ථානයෙන් වේගයෙන් ධාවනය කරන ආකාරයත් දැක ගත හැක.
කෙසේ වෙතත් මිසයිල ප්‍රහාරය නිසා අෂ්දොද්හි විදුලි බලාගාරයකට හානි සිදුවීමෙන් බලාගාරයේ ක්‍රියාකාරී ධාරිතාව බරපතළ ලෙස අඩු ව ඇති බව පවසයි.
ඊට අමතරව ටයිම්ස් ඔෆ් නම් ඊශ්‍රායලය පුවත්පතේ දැක්වෙන්නේ ප්‍රහාරයෙන් කිසිදු තුවාලකරුවෙක් සම්බන්ධයෙන් ක්ෂණික වාර්තා ලැබී නැති බවයි.
එහෙත් රට අභ්‍යන්තරයේ තවත් ප්‍රහාර කිහිපයක් වාර්තා වී ඇති බව සඳහන්. එසේම ඉරානයෙන් විනාඩි 40ක් පමණ කාලයක් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් හඬ නිකුත් වූ බවට ද වාර්තා වේ.
තවද මෙය යුද්ධයේ දීර්ඝතම ඉරාන මිසයිල ප්‍රහාරවලින් එකක් බව ද පවසයි. කෙසේ වුවද වාර්තා වන ආකාරයට ජෙරුසලමේ ද විශාල පිපිරීම් හඬවල් ඇසුණ ද මාගන් ඩේවිඩ් ඇඩොම් ගලවා ගැනීමේ සේවයෙන් කිසිදු ක්ෂණික හානියක් වාර්තා කර නොමැත.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව ද බටහිර ඉරානයේ මිසයිල කඳවුරුවලට සහ රට පුරා පිහිටි “ඉරාන පාලන ගුවන් තොටුපළ හයක්” ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර, ප්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා විනාශ කර ඇති බවට ද වාර්තා වේ.
තවද ඉරානයේ භූගත ෆෝඩෝ න්‍යෂ්ටික භූමිය වෙත ද ඊශ්‍රායලය නව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එය මින් පෙර එක්සත් ජනපදයෙන් ඉලක්ක කළ ස්ථානවලින් එකක් බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉරානයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 400කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි.
එසේම නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරවලින් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
