කන්ටේනර් 323 නිසා බිමලුත් ඇතුළට දාන්න, දයාසිරි ඔළුවෙන් හිට ගනී

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් බිමල් රත්නායක අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පවසා ඇත.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

ඒ රතු ලේබල් සහිත කන්ටේනර් පෙට්ටි 323ක් නිදහස් කිරීම වරදක් යැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිගමනය කරන්නේ නම් එයට මැදිහත් වී කටයුතු කළ බිමල් රත්නායක අමාත්‍යවරයා ඇතුළු පිරිසද වහා ම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි පවසමින්.

අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමට ඉකුත් දා (ජුනි 16) කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී බව සඳහන්.

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මෙවැන්නක්,

" කන්ටේනර් 323 සම්බන්ධ පුවතක් පුවත්පත්වල පළ වෙලා තිබුණා. එහි බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශය අතර තියෙනවලු මේවා මුදා හැරීම වැරදියි කියලා. ඒ කියන්නේ රතු ලේබල් සහිතව තිබූ මේ කන්ටේනර් මුදාහරීම් වැරැදියි කියලා තමා ඔවුන්ගේ නිගමනය වෙලා තිබෙන්නේ. මාවත්, ගම්මන්පිලවත් සී.අයි.ඩී. එකෙන් අපිව අරගෙන යන්න හැදුවා. කට උත්තර ගන්න. අපි ගිහින් කට උත්තර දුන්නා. පැය පහකට වැඩි කාලයක් මම කට උත්තර දුන්නා. මේ කන්ටේනර් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තැබීම තමයි ඒකට හේතුව. අපි වරදක් කරලා නොවේ. මේ තොරතුරු සම්බන්ධයෙන් පුවත්පතක සාකච්ඡාවක් පැවැත්වීම නිසා තමයි අපිව අරන් යන්න හැදුවේ. මේ තීන්දුවත් එක්ක මේ කන්ටේනර් 323 නිදහස් කිරීම වැරදියි කියලා කියනවා නම් කරුණාකරලා දැන් බිමල් රත්නායකට අත්අඩංගුවට ගත යුතුයි. මේවා නිදහස් කළ නිලධාරීන් සියලු දෙනාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි."

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්