නගරෙ මැද ලොකු ගින්නක්, තෙමහල් වෙළෙඳසැලක් සම්පූර්ණයෙන්ම අළු වෙයි ගින්න පාලනයට පොලීසියෙන් ඉල්ලීමක්

Sri Lanka Police Fire Accident Sinhala news Breaking News
By Kaushi Jun 23, 2025 04:17 PM GMT
Kaushi

Kaushi

Report

කඩවත නගර මධ්‍යයේ තිබූ තෙමහල් වෙළෙඳසැලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ගින්නෙන් එම වෙළෙඳ සැළ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

එසේම ගින්න මැඩ පැවැත්වීමට ගම්පහ සහ කොළඹ ගිනි නිවීමේ රථ පැමිණ තිබෙනවා.

මේ වන විටත් ගින්න පාලනය කරමින් පවතින බව සඳහන්.

එමෙන්ම කඩවත සහ ඇල්දෙණිය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පැමිණ ගින්න පවතින ස්ථානයේ ආරක්ෂාව තහවුරු කරමින් සිටින බව ද ප්‍රකාශ කර ඇත.

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

මෙම ගින්න නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින රථවාහන තදබදය අවම කිරීමට හැකිතාක් කඩවත නගර මධ්‍යට පැමිණෙන රථ වාහන විකල්ප මාර්ග වශයෙන් භාවිත කරන ලෙසයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

ReeCha