අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය
ලොවක් කම්පා කළ එයාර් ඉන්දියා ගුවන් අනතුර වී දැන් කීප දිනක් ගත වී ඇතත් ඒ අනතුර සම්බන්ධයෙන් ඇහෙන හද පාරන කතාවල නම් තවම අඩුවක් නැහැ.
මේ ඒ සම්බන්ධයෙන් ඇහෙන තවත් සංවේදී කතාවක්.
ඒ එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ 17 හැවිරිදි ප්‍රාචි කජ්ජර් පිළිබඳව ඇගේ 18 හැවිරිදි මිතුරිය දීෂා තක්කාර් කියන කතාවක්.
දීෂාට අනුව ඇගේ හොඳම මිතුරිය වන 17 හැවිරිදි ප්‍රාචි කජ්ජර්, එයාර් ඉන්දියා ගුවන් අනතුර වෙන්න දිනකට පෙර ඇයට පැවසූ අවසන් වචන කීපයයි.
හැබැයි ඒ වචන ඇතුළේ කොයිතරම් භයානක පෙර නිමිත්තක් තියෙන්න ඇතිද කියලා ප්රාචිවත් හිතන්න නැතුව ඇති.
ඒ "මම ඔබට දෙන අවසාන තෑග්ග මෙයයි" යනුවෙන් ප්‍රාචි විහිළුවට මෙන් දීෂාට උපන්දින තෑග්ගක් ලබා දෙන විට පැවසූ අවසාන වදන් කීපයයි.
එයාර් ඉන්දියා ගුවන් යානය රෝහල් ගොඩනැගිල්ලකට කඩා වැටීම නිසා අහිමි වුණ අවාසනාවන්ත ජීවිත අතරෙ ඇයත් හිටියා.
එම රෝහල් සිටි ඇගේ නැන්දාව බලන්න ගිය ප්‍රාචි සහ ඇගේ පියා ජයේෂ් මෙසේ ඛේදජනක ලෙස මිය ගොස් තියෙනවා.
දීෂා කියන විදිහට 9 වසරෙ ඉඳන් හොඳම මිතුරියන් වුණ දීෂා සහ ප්‍රාචි ඊළඟ අධ්‍යයන වාරයේ එකම විද්‍යාලයට යන්න සැලසුම් කරලා තියෙනවා.
පසුගිය ජුනි 11 වන දින දෙදෙනා එකතුව ප්රාචිගේ නිවසේ දිවා ආහාරය ගැනීමෙන් පසු ප්‍රාචි දීෂාව නිවසේ උඩුමහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහිදී ප්‍රාචී දීෂාව තදින් වැළඳ ගෙන 'මොනවා වුණත්, මම හැම විටම ඔබ සමඟ සිටිමි.' "කිසිවෙකුට අපව වෙන් කළ නොහැක," යනුවෙන් පවසා ඇත.
එසේම මාස හයකට පෙර දීෂාගේ උපන්දිනයට තෑග්ගක් දෙමින් ප්‍රාචි කියලා තියෙන්නේ "මේ මම ඔයාට දෙන අන්තිම තෑග්ග," කියලයි.
දිෂා කියන විදිහට ප්‍රාචී ඒ කතාව නිතරම කියලා තියෙනවා.
කොහොම වුණත් සිද්ධිය වූ දවසේ ප්‍රාචි දීෂාට කතා කරලා කෑම දෙන්න රෝහලට එයාගේ තාත්තා එක්ක යන බව කියලා තියෙනවා.
ඇය සමඟ යන්න දිෂාටත් ආරාධනා කළාට දීෂාට සනීප නැති නිසා ඇය ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ඊට පස්සේ දවල් 12 ට විතර ප්‍රාචි ඇගේ පියාගේ දුරකථනයෙන් ඉන්ස්ටග්‍රෑම්වලින් දිෂාට පණිවිඩයක් යවලා තියෙනවා "දවල්ට මට කතා කරන්න, මට ඔයාට කතා කරන්න ඕනේ" කියලා.
හැබැයි අවාසනාවට දීෂා පණිවිඩය දැකලා තියෙන්නේ හවස. කොහොම වුණත් රෑ වෙද්දි දීෂාට ඇගේ මිතුරියට කතා කිරීමට දැඩි ආශාවක් ඇති වෙලා තියෙනවා.
ඒත් ඇය කතා කළ විට, ප්රාචිගේ නැන්දා ඇයට කතා කර, ප්‍රාචි, ඇගේ පියා සහ නැන්දා සමඟ අනතුරෙන් මිය ගොස් ඇති බව කියලා තියෙනවා. මේක අහලා කම්පා වුණ දීෂා සිහිසුන් වෙලා තියෙනවා.
අනතුරෙන් පස්සේ දීෂා සතියක් ප්රාචිගේ නිවසේ නැවතී ඉඳලා තියෙන අතර "මට තවමත් ප්‍රාචි මා වටා සිටින බවක් දැනෙනවා," යනුවෙන් දීෂා කියනවා.
ඒ විදිහට එයාර් ඉන්දියා ගුවන් අනතුර නිසා ආදරණීය මිතුරියන් දෙන්නෙක් වෙන් වෙලා තියෙන්නේ මුළු ජීවිතේටම මතකය පමණක් ඉතුරු කරලා.
