ජපුර සරසවියෙන් පණිවිඩයක්

Report

ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ශ්‍ විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (24) සිට තාවකාලිකව අත්හටුවන බව එම ඒකකය පවසයි.

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකයට අදාළ වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 වර්ෂයේ සිට නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 932, 1/2016 සහ 4/2016 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු/අපැහැදිළි තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් එහි කටයුතු අත්හිටුවූ බවත් එම තත්වය ඉතා ඉක්මණින් නිරාකරණය කරගැනීමට කටයුතු කරමින් පවතින් බවත් එම විශ්වවිද්‍යාලය පැවසීය.

ගැටලුව නිරාකරණය කරගත් වහාම අදාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය වැඩි දුරටත් සඳහන් කළේය.

Telegram නිර්මාතෘට ළමයි 100ට වැඩි - හැමෝටම දේපල බෙදලා දෙන්න සුදානම්

Telegram නිර්මාතෘට ළමයි 100ට වැඩි - හැමෝටම දේපල බෙදලා දෙන්න සුදානම්