ශම්මි ඇතුළු කට්ටියට පත්වීම් නැති වෙන ලකුණු

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයේ සියලු පත්වීම් අවලංගු කර යළි නිලවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම සලකා බැලීමට එළඹෙන 26 වන දා දින නියම කර ඇති බව වාර්තා වේ.

ෂේප් එකේ ඇඟ බේර ගන්න හදන පුටින් උදව් ඉල්ලන් එන ඉරානෙට මොනවා වෙයිද?

ෂේප් එකේ ඇඟ බේර ගන්න හදන පුටින් උදව් ඉල්ලන් එන ඉරානෙට මොනවා වෙයිද?

ඒ අනුව අඳාළ පෙත්සමෙන් 2025 – 2027 කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තෝරාපත්කර ගැනීමේ නිල වරණය පැවැත් වූ ආකාරය අභියෝගයට ලක් කර ඇත.

මෙසේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණේ එහි හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් විසින් බව සඳහන්.

එසේම මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස 31 දෙනෙක් නම් කර තිබෙනවා.

යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි

යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව,නිලවර්ණ කමිටුවේ සාමාජිකන්, ක්‍රීඩා අමාත්‍ය සුනිල්කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, විගණකාධිපති වරයා ඇතුළු 31දෙනෙක් බව සඳහන්.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්