ඩොලරය හමුවේ අදත් රුපියල අවප්‍රමාණය වේ - අද අගයන් මෙන්න්
දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා රුපියලේ අගය ප්‍රධානතම ජාත්‍යන්තර මුදල් ඒකකය වන අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද 22 වැනි දින නිල වශයෙන් නිකුත් කරන ලද නවතම දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක මිලදී ගැනීමේ මිල රුපියල් 329 යි ශත 30 ක් ලෙස සටහන් වී ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 339 යි ශත 06 ක් ලෙස ඉහළ අගයක සටහන් වී ඇත.
පසුගිය සිකුරාදා දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කරන ලද නිල විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අගය සටහන් වූයේ රුපියල් 328 ක් ලෙසය.
එමෙන්ම එදින ඩොලරයක විකිණීමේ සාමාන්‍ය අනුපාතිකය රුපියල් 338 යි ශත 70 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව සති අන්තය නිමාවීමත් සමඟ මෙරට රුපියල ඩොලරය හමුවේ දුර්වල වී ඇති බව පැහැදිලි වෙයි.