කෑගල්ල කළඹමින් විශාල අනතුරක් - එක් අයෙක් මරුට 10ක් රෝහලේ
By Kaushi
කෑගල්ල, මොළගොඩ මංගලගම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක්, තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
එසේම අනතුරින් බරපතළ තුවාල ලැබු 10 දෙනෙකු මේ වනවිට වහාම ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වාර්තා වූයේ වාහන 7ක් පමණ එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.